මොනාද මෙ ENERGY සප්ලිමන්ට් කියන්නෙ??

කට්ටිය සුවෙන් සැපෙන් ඇති කියල හිතන්ව.... අදත් ඔන්න අලුත් මාතෘකාවක් එක්ක අපි අවා ඔයාලව හම්බෙන්න... අද අපෙ මාතෘකාව තමයි මොනාද මෙ pre-workout කියන්නෙ කියන එකයි... කෙසෙ හො වෙවා.මෙකත් අපෙන් හුගක් අය ඉල්ලපු පොස්ට් එකක් ඔන්න එහෙනම් අපි අද කතා කරන්න හිතුව මෙක ගැන...

සාමන්‍යෙන් අපි සප්ලිමන්ට් වර්ග ප්‍රදාන කොටස් තුනකට බෙදනව...
- Pre-workout supplements (සෙල්ලම් කරන්න කලින් බවිතා කරන)
- Post workout supplements (සෙල්ලම් කරල ඉවර වෙල බවිතා කරන )
- Intra-workout supplements (සෙල්ලම් කරන අතර තුර බවිතා කරන)

දැන් කස්ටියට තෙරෙනව ඇති pre-workout supplements කියන්නෙ සෙල්ලම් කරන්න කලින් ගන්න සප්ලිමන්ට් වර්ගයක් කියල... අපි බැලුවොත් මෙ කාන්ඩයට හුගක් වෙලාවට අයිති වෙන්නේ energy සප්ලිමන්ට් තමයි...තව ඇමයිනෝ අම්ල,Bcaa සප්ලිමන්ට් වර්ගත් සෙල්ලම් කරන්න කලින් ලබාගන්නව.....

දැන් අපි බලමු මොකද්ද මෙ එනර්ජි සප්ලිමන්ට් කියන්නෙ කියල....
අපි කලින් කිව්ව pre-workout කියන කාන්ඩයට හුගක් වෙලවට අයිති වෙන්නෙ මෙන්න මෙ කියන energy සප්ලිමන්ට් කියල...energy සප්ලිමන්ට් කියන්නෙ...අපෙ සිරුරේ ශක්තිය සුලු වෙලවකට වැඩි කරල දෙන සප්ලිමන්ට් එකකට....

එ කියන්නෙ...හිතන්නකො මෙහෙම...ඔන්න අපි දැන් අපෙ වැඩ ඉවර වෙලා හවස ගෙදර ඇවිත් ජිම් එකට යන්න ලෑස්ති වෙනව....කට්ටිය දන්නවනෙ වැඩ කරල එනව කියන්නෙ හුගක් වෙලාවට බාගෙට මැරිල එන්නෙ...ඔය වෙලාවට ජිම්‍ යනව කියන්නෙ ඉතින් අයෙ වෙන ඔනෙ නැහ...අනික ජිම් ගියත් හුගක් වෙලා සෙල්ලම් කරන්න අමාරුයි මොකද මහන්සි වැඩි නිසා අන්න ඔය වෙලාවට තමයි energy සප්ලිමන්ට් එන්නෙ...සමාන්‍යයෙන් සෙල්ලම් කරන්න පැය 1/2 කලින් අපි energy සප්ලිමන්ට් එකක් ගත්ත කියන්නෙ අපේ මානසික එකාග්‍රතවයෙ ඉදන් ශක්තිය දක්වා ලොකු වැඩි විමක් තියනව...කෙසෙ හො වෙවා...ඔකට ජිම් වල හොද කතාවක් කියනවා...."මම අර energy එක ගැහුව....කියල වැඩක් නැහ බන් යකඩ කන්න පුලුවන්..." දැන් කට්ටිය බලනව ඇති මූ මෙ වැඩි කරල කියනවද කියලා...නැහැ සහොදර වරුනි ....බොරු වගේ නම් ගහපු කෙනෙක් ගෙන් අහල බලන්න...සුපිරිම තමා...

දැන් කස්ටිය බලනව ඇති අපෙ ඇගෙ නැති ශක්තියක් කොහොමද එහෙම සප්ලිමන්ට් එකකින් හදන්නෙ කියල...නැහැ මචාල අපේ ඇගේ තියන ශක්තියම තමා පොඩ්ඩක් වැඩි කරල දෙන්නෙ...සමාන්‍යෙන් ඔනම energy එකක ප්‍රධාන අමුද්‍රව්‍ය තුනක් තියනව..
- Caffeine 
- Creatine monohydrate
- Vitamins and amino acids 
Caffeine කියන්නෙ ඕනම energy සප්ලිමන්ට් එකක ප්‍රධාන අමුද්‍රව්‍ය...මෙකෙන් තමයි මම අර කලින් කිව්ව මානසික එකාග්‍රතවය ලබාදෙන්නෙ...ඊට අමතරව ශක්තිය වැඩි කිරිමකුත් කරනව...
අනිත් අමුද්‍රව්‍ය තමයි ක්‍රියෙටින් කියන්නෙ ඔක ඉතින් පුදුම වෙන්න දෙයක් නැහ..මොකද හෙතුව කායවර්දනයෙ ශක්ති වර්ධක පියා වෙන්නෙ මෙන්න මේ කියන ක්‍රියෙටින් තමා...

විටමින් සහ ඇමයිනෝ අම්ල ගැන කතා කලොත් ප්‍රධාන විටමින් ලෙස විටමින් B12,B6,C වගේ දෙවල් බාවිතා කරනව...මීට අමතරව...Beta-Alanine,L-Citrulline,L-Carnitine වගේ ඇමයිනෝ අම්ල අන්තර්ගත වෙනවා. 

මෙම සංඝටක මගින් වැඩි වේලාවක් මහන්සියකින් තොරව ක්‍රීඩා කරන්න ඉඩ සලස්වල දෙනව...

සමාන්‍යයෙන් energy කියන එවා ඔනෑම ක්‍රිඩකයෙකුට බවිතා කරන්න පුලුවන්..උදාහරනයක් විදිහට කියනව නම් මෙක හුගක්ම ජනප්‍රියයි රගර්,ෆුට්බොල්,මලල ක්‍රීඩා කරන අය අතර...මීට අමතරව බයිසිකල් පැදීම වැනි තරග වලට සහබාගි වන අය අතරත් මෙක හුගක් ජනප්‍රියයි...
සමාන්‍යයෙන් මේවගෙ අතුරු අබාධ නැහැ නමුත් මෙම energy වර්ග හොදට තොරා බලල ගන්න ඔනෙ..මොකද jack 3D වගේ energy වර්ග වල සිරුරට අධික විශ සහිත දෙවල් අන්තර්ගත වු නිසා රටවල් කිපයක තහනම් කිරිමකටත් ලක් උනා...

මීට අමතරව අධික රුධිර පීඩනය,හද්‍යාබාධ හො හර්ද අශ්‍රිත රොග තියන අය මේව බාවිතා කිරිමෙන් වැලකී සිටිය යුතුයි...

අනිත් කාරනය තමයි අධික මාත්‍රාවෙන් මෙක ගන්න හොදම නැහැ...
නිදා ගන්න පැය 3-4ක් විතර තියල මේක ගන්න එකත් හොදම නැති දෙයක් මොකද නින්දට අපහසුතා ඇති වෙන්න පුලුවන්...

ලංකාවෙ හුගක්ම ජනප්‍රිය energy වර්ග විදියට C4 සහ NO-EXPLODE හදුන්වන්න පුලුවන්....

Body-Engineers Sri Lanka

මොකද්ද මේ ටෙස්ට්ටෙස්ටරෝන් (Testosterone) හෝමෝනය? කොහොමද මේක කාය වර්ධනයට උපකාරී වෙන්නේ ?

අද අපි කතා කරන්න හිතුව තවත් අලුත් දෙයක් ගැන.එක තමයි මොකද්ද මේ ටෙස්ට්ටෙස්ටරෝන් (Testosterone) හෝමෝනය? කොහොමද මේක කාය වර්ධනයට උපකාරී වෙන්නේ ? කියන ගැටලුව ගැන හුගක් යට තියන ප්‍රශ්නයක් තමයි මොකද්ද මේ ටෙස්ට්ටෙස්ටරෝන් (Testosterone) හෝමෝනය කියන්නේ කියන එක ... ඕක ඔය කියන තරම් ම බලවත් ද? මොකද්ද මේකෙන් වෙන්නේ කියන දේවල්.... ඉතින් අපි කතා කරන්න හිතුව මේ මාතෘකාව ගැන.

ටෙස්ට්ටෙස්ටරෝන් කියල කියන්නේ සොබහවිකවම කාන්තා සහ පිරිම කියන දෙගොල්ලොන්ගේම සිරුරු වල නිපදවෙන හෝමෝනයක් ටෙස්ට්ටෙස්ටරෝන් කියල කියන්නේ ශුක්‍රානු නිපදවීමට (androgenic)වැදගත් වෙන සහ සංවෘතිය(anabolic ) පරිවෘත්ති ක්‍රියාවලට උපකාරී වෙන හෝමෝනයක් .සාමාන්යෙන් ටෙස්ට්ටෙස්ටරෝන් කියන්නේ පිරිමි හෝමෝනයක් මොකද කාන්තාවන්ට වඩා පිරිමි අයගේ ටෙස්ට්ටෙස්ටරෝන්නිෂ්පාදනය 40%- 60% ප්‍රමාණයක් වැඩි.

කොටින්ම කිවොත් අපි ගැහැණු ගති නැතිව පිරිමි ගති ඇවිල්ල තියෙන්නේ ටෙස්ට්ටෙස්ටරෝන් කියන හෝමෝනයට පින් සිද්ධ වෙන්න තමයි එකියන්නේ පිරිමින් සතු රැවුල වැවීම,කටහඩ ගැබුරු ස්වරුපයක් ගැනීම වගේ ලක්ෂණ හුගකට හේතුව මෙන්න මේ කියන ටෙස්ට්ටෙස්ටරෝන් හෝමෝනය තමා.

මිට අමතරව පිරිමින් ගේ සහ කාන්තාවන්ගේ මාංශ පේශි වර්ධනයටත් හුගක්ම ටෙස්ට්ටෙස්ටරෝන් හෝමෝනය උදවු දෙනවා.මිට අමතරව.ශක්තිමත් බවය වැඩි කරන්නත් ටෙස්ට්ටෙස්ටරෝන් හෝමෝනය උදව් වෙනවා
හුගක්අය ටෙස්ට්ටෙස්ටරෝන් හෝමෝනය වැරදියට තේරුම් ගත්ත අවස්ථා තියනවා. එකියන්නේ ටෙස්ට්ටෙස්ටරෝන් හෝමෝනය පමණක් මාංශ පේශි වර්ධනයට සහෙන්නේ නැහැ. තව විවිද හෝමෝන වර්ග අවශ්‍ය වෙනවා (වර්ධක හෝමෝන ,කොටිසොල් වගේ හෝමෝන.) මේ දේවල් සමහර අයගේ ජානමය ලක්ෂණ නිසා වර්ධනය සිමා වෙන අවස්ථාත් තියනවා. 

ටෙස්ට්ටෙස්ටරෝන් හෝමෝනය සොබවිකව වැඩි කරගන්න එක තමා හොදම දේ කෘතිමව වැඩි කරගන්න එකට තමා ස්ටේරෝයිඩ්ස් බවිත කරනවා කියල කියන්නේ.කෘතිමව ටෙස්ට්ටෙස්ටරෝන් සිරුරට ලබා දුන්නම රුධිර ගත් ටෙස්ට්ටෙස්ටරෝන් මට්ටම ඉහල ගියත් එත් එක්ක අතුරු අබාධ ගොඩක මග පාදනවා ටෙස්ට්ටෙස්ටරෝන් කෘතිමව ලබාදීම නිසා සොබාවික ටෙස්ට්ටෙස්ටරෝන් නිෂ්පාදනය අඩු වීමත් තවද සරු බාවය අඩු විමටත් මග පාදනවා.

ටෙස්ට්ටෙස්ටරෝන් හෝමෝනය සීරුරේ සොබවිකවම වැඩි කරගන්න පුළුවන් සමහර ආහාර පාන වර්ග තියනව.
1.මිදී 
2.ටුනා මාළු 
3.සුදු ලුණු 
4.ගෝවා 
5.දෙළුම් 
6.මීපැණි 
7.කිරි 
8.බිත්තර


මොකද්ද චෙස්ට් මසල් එක කොහොමද අපි ඕකට සෙල්ලම් කරන්න ඕනේ.?

අපි හැමෝම හුගක්ම කැමති මසල් ගෘප් එකක් තමයි චෙස්ට් මසල් ගෘප් එක ලංකාවේ කස්ටිය මලාට කකුල් වලට ගැහුවේ නැතත් අනිවා චෙස්ට් එකට නම් සෙල්ලම් කරනවා එක නම් අයේ ටක්කෙටම ෂුවර්
මුලින්ම අපි බැලුවොත් චෙස්ට් මසල් ගෘප් එක කොටස් තුනකින් සමන්විතයි.

1.pec major (පෙක් මේජර් )
මේක තමයි අපිට ඉස්සරහට පෙන්න තියන මසල් ගෘප් එක (පලවෙනි රුපය බලන්න ) මේ පෙක් මේජර් කියන මසල් ගෘප් එක අනු කොටස් තුනකට බෙදෙනවා.
i .clavicular head 
අපි මේක තම සාමාන්‍ය ව්‍යවහාරයේ ඉන්ක්ලයින් චෙස්ට් එක එහෙම නැත්තනම් අපර් චෙස්ට් එක කියල හදුන්වන්නේ
ii.sternal head 
අපි මේක තම සාමාන්‍ය ව්‍යවහාරයේ ෆ්ලැට් චෙස්ට් එක එහෙම නැත්තනම් මිඩ්ල් චෙස්ට් එක කියල හදුන්වන්නේ
iii .abdominal head 
අපි මේක තම සාමාන්‍ය ව්‍යවහාරයේ ඩික්ල්යින් චෙස්ට් එක එහෙම නැත්තනම් ලෝවර් චෙස්ට් එක කියල හදුන්වන්නේ

2.pec minor (පෙක් මයිනර් )
මේක නම් ඇත්තටම හුගක් පොඩි මසල් ගෘප් එකක් මේක අපි ජිම් එකේදී සෙල්ලම් කරන්න බවිත කරන්නේ නැහැ

3.serratus anterior (සේරටස් අන්ටිරියර් )
මේක නම් ටිකක් අනිවාර්ය මසල් ගෘප් එකක් හුගක් ය හිතනවා මේක abbs වලට සම්බන්ද මසල් ගෘප් එකක් කියල එක වැරදි මේක චෙස්ට් මසල් ගෘප් එකට සම්බන්ද එකක් ( රුපය 2 බලන්න) මේ මසල් ගෘප් එක උරපතු ඇටයේ ඉදන් උරස් කුඩුව වෙනකම් සම්බන්ද වෙන මසල් සෙට් එකක් එක හැදුනම නම් පට්ට ලස්සනයි.හුගක් වෙලාවට මේක වර්ධනය කරගන්න පුෂ් අපස් වගේ ව්‍යායාම යොදාගන්නවා.
දැන් අපි බලමු මේ එක එක කොටස් වලට අදාළ මුලික ව්‍යායාම සහ ඒවා කොහෙටද අදාළ වෙන්නේ කියල.
1.flat bench press (ෆ්ලැට් බෙන්ච් ප්‍රෙස් )
මේක නම් හුගක් අය දන්නා ව්‍යායාම ක්‍රමයක් හුගක් වෙලාවට මේක චෙස්ට් එකේ මැදි කොටසට එහෙම නැත්තනම් sternal head කියන කොටස වර්ධනයට තමා වැඩියෙන් යොදා ගන්නේ .මෙතනදී යුතු කරුණු තමා කොයිම වෙලාවකවත් වැලමිට හුගක් පල්ලෙහට යවන්න එපා කියන එක මොකද එහෙම උනාම උරහිස් මාංශ පේශි වලට යෙදෙන ආතතිය වැඩි වෙනවා.

අනික උරහිසේ හෝ වැලමිටේ ගැටළුවක් තියනව නම් ඔයාට පුළුවන් dumbbell වලින් සෙල්ලම් කරද්දී neutral(න්‍යුට්‍රල් ) ග්රිප් එක බවිත කරන්න ( 3 රුපය බලන්න )

2. flat flies (ෆ්ලැට් ෆ්ලයිස් )
මේකත් හුගක් වෙලාවට බාවිතා කරන්නේ චෙස්ට් එකේ මැදි කොටසටම තමා.මෙතනදීත් කරන්නේ චෙස්ට් එකේ මැදි කොටසේ මාංශ පේශි ලක් කිරීම සහ සංකෝචනය කිරීම මගින් මාංශ පෙහි වර්ධනය කිරීමක්.කෙසේවෙතත් කියන්න තියන දේ තමයි හුගක් වැලමිට පත් කරන්න එපා කියන එක මොකද එහෙම උනොත් එතනදිත් උරහිස් වලට අනවශ්‍ය පීඩනයක් අහි වෙනවා කියන එක

3.incline press (ඉන්ක්ලයින් ප්‍රෙස් )
මේකත් හුගක් ය දන්නවා.බෙන්ච් එක යම් ප්‍රමාණයකට ඔසවල තම ඉන්ක්ලයින් ප්‍රෙස් එක සෙල්ලම් කරන්නේ.මෙතනදී හුගක්ම clavicular head කියන කොටසට තමා ව්‍යායාම වෙන්නේ ඒ කියන්නේ පපුවේ උඩ කොටස වර්ධනය වීමට තම මේක සෙල්ලම් කරන්නේ.හුගක් යට් තිය ප්‍රශ්නේ තම බෙන්ච් එක කොච්චර ප්‍රමානයක් ඉහලට උස්සනවද කියන එක . හරියටම කියනවා නම් අංශක 45ක් ඉහලට එසේව්වම හරි.එක තම හරිම කෝණය බෙන්ච් එක උස්සන්න ඕන.

4.incline flies (ඉන්ක්ලයින් ෆ්ල්යිස් )
මෙකත් හුගක් හොද ව්‍යායාම ක්‍රමයක් චෙස්ට් එකේ උඩ කොටස වර්ධනය කරගන්න හුගක් ලොකු බර බාවිතා කරන්න එපා මොකද එවිට උරහිසට යෙදෙන ආතතිය හුගක් වැඩි.මොකද ඔයාට බර පාලනය කරගන්න බැරි උනොත් උරහිස පනින්නත් ඉඩ තියනව.

5.DECLINE PRESS (ඩික්ලයින් ප්‍රෙස් )
මේකත් හුගක් ප්‍රයෝජනවත් ව්‍යායාමයක්.මේක අපි සෙල්ලම් කරන්නේ චෙස්ට් එකේ abdominal head එක එහෙමත් නැත්තනම් ඩික්ල්යින් චෙස්ට් එක එහෙම නැත්තනම් ලෝවර් චෙස්ට් එකට.මේකෙන් පුළුවන් වෙනවා චෙස්ට් එකේ තියන එල්ලෙන සොබාවය අඩු කරගන්න .

6.push ups (පුෂ් අප්ස් / ඩිෆ්ස් )
මුළු චෙස්ට් එකටම වදින ව්‍යායාමයක් ඕනෙද? මෙන්න තියනව ඊට අමතරව මම කිව්ව serratus anterior (සේරටස් අන්ටිරියර්  කියන කොටසටත් මේකෙන් ව්‍යායාම වෙනවා තමාගේ බර ගුරුත්වයට එරහිව එසවීම නිසා හොද ශක්තියක් තමන් තුල නිර්මාණය වීමටත් මේ ව්‍යායාමය උදව් වෙනවා . අපි කලින් පොස්ට් එකක් දැම්ම හරියට ඩිෆ්ස් ගහන්නේ කොහොමද කියාල.එක පොඩ්ඩක් බැලුව නම් හුගක් හොදයි.
එහෙනම් සහෝදර වරුනි අපි ගියාවේ පොස්ට් එක හොද නම් ලයික් එකක් දාල පොඩි ෂෙයාර් පාරක් දාල සප් එකක් දෙන්න.සියලු දෙනාට සුබ දවසක් වේවා එහනම් .


Body-Engineers Sri Lanka

ඇඟේ fat එක වැඩිද? Muscle building කරන එකයි fat burn කරන එකයි අතර සම්බන්ධය මෙන්න.

මිනිසුන් වැඩිදෙනෙක් දන්නේ නැහැ weights වලින් workout කරන එක fat lose කරන්න  විශාල බලපෑමක් ඇති කරන බව. ගොඩක් අය හිතන්නේ weights වලින් trainning කරන්නේ ශක්තිමත් සහ විශාල මාංශ පේශී ලබා ගැනීමට අවශ්ය අය විතරයි කියල. මේ වගේ දුර්මත නිසා ගොඩක් මිනිස්සුන්ට අපහසු වෙලා තියෙනවා තමන්ගේ වැඩිපුර තියෙන fat ටික burn කරලා ලස්සනට නිරෝගී සිරුරක් තියාගන්න. 
ඒකෙන් කියවෙන්නේ නැහැ fat lose කරගන්ට තියෙන එකම මාර්ගය body building කියල. weights වලින් workout කරන එක fat lose කරගන්ට තියෙන, පහසු එක ක්‍රමයක් විතරයි.

muscles building කරන එකෙන් Fat lose වෙන්නේ කොහොමද ?
ඔයගොල්ලෝ දැනටමත් දන්නවා weights වලින් trainning කරනකොට අපේ ඇඟේ තියෙන දුර්වල මාංශ පේශීන් ශක්තිමත් කරලා ඒවා වර්ධනය වෙනවා කියලා. මාංශ පේශි වර්ධනය වෙනවා කියන්නේ ඔබේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියා වැඩි වෙනවා .ඒ කියන්නේ කැලරි වැඩි ප්‍රමාණයක් දහනය කරනවා. සරලවම කිව්වොත් ඔබ නොදන්නවා උනාට workot නොකරන වෙලාවල් වලදී (නිදා ගන්නකොට /රෙස්ට් කරනකොට පවා) කලින්ට වඩා වැඩි පුර කැලරි දහනය කරනවා. වැදගත්ම දේ තමා ඔයාට නොදැනීම ඔයාගේ fat burn වෙන එක ඉක්මන් වන එක.
ඔයාල දැකල ඇතිනේ කෙටිදුර ධාවකයින්ගේ සිරුරු කොහොමද කියල. bolt , tysen gay වගේ අය. එයාලගෙත් muscle mass එක වැඩියි. එයාලගේ ඇඟේ fat burn වෙන ප්‍රතිශතය වැඩි නිසා එයාලට වෙන බෝරින් exercises කර කර කාලේ නාස්ති කරන්ට වෙන්නේ නැහැ.

ඔයාලටත් ෆැට් බුරන් කරගන්න තියෙන ලේසිම ක්‍රමය තමා ඔයාලගේ සිරුරට ගැලපෙන workot shedule එකකුයි නිවැරදි diet plan එකකුයි එක්ක දැන්ම වැඩ පටන් ගන්න එක. 

මාර්ස් ගෙනර් වලට දියවැඩියාව හැදෙනවද? මෙන්න ඇත්ත කතාව

ඉස්සල් ලම අපි බලමු සහෝදර වරුනි කොහොමද මාර්ස් ගෙනර් එකකින් අපිව size කරන්නේ කියල.මෙන්න මේකයි සරලවම කියනව නම් වෙන්නේ මාර්ස් ගෙනර් එකක් කියල කියන්නේ ප්‍රෝටීන් සහ කබෝහයිඩ්රේට් වැඩි වශයෙන් අන්තර්ගත සප්ලිමන්ට් වර්ගයක් ඊට අමතරව විටමින් සහ ඛනිජ ලවණ සහ තන්තු ගොඩක් අන්තර්ගත වෙනවා.අනිත් ප්‍රධන කරණය තමයි යම් කිසි ප්‍රමාණයක සිනි මෙහි අන්තර්ගත වෙනවා.

අපි හුගක් සරලව වැඩ කරන විදිය කිව්වොත් මචංලා....අපි මාර්ස් ගෙනර් එකක් ගත්තම වෙන්නේ එකේ තියන ප්‍රෝටීන් ටික මාංශ පේශි වල තියන ප්‍රෝටීන් තන්තු අලුත් වැඩිය කරන්න ඉස්සල්ලම පිටත් කරනවා.ඊට පස්සේ ඔකේ තියන කබෝහයිඩ්රේට් ටික ග්ලුකෝස් කරලා ඊට පස්සේ ඒ ග්ලුකෝස් ටික ග්ලයිකොජන් කරලා අපේ මාංශ පේශි තුල තැම්පත් කරනවා.

ඔන්න ඔය හේතුව නිසා තමයි සහෝදර වරුනි මාර්ස් ගෙනර් වේ ප්‍රෝටීන් වලට වැඩ වැඩ කරනවා කියල අපි කියන්නේ..

දැන් කට්ටිය බලනවා ඇති ඔකේ තිබ්බ සිනි වලට මොකද වෙන්නේ කියල.ඔන්න ඔතන තම සහෝදර වරුනි ප්‍රශ්නේ ඇති වෙන්නේ සිනි ටික ලේ වලට එකතු උනාම රුධිර ගත සිනි ප්‍රමණය වැඩි වෙනවා.එහෙම උනාම තමා වැඩිමනක් සිනි මේදය විදියට සමට යටින් සහ අක්මාවේ තැම්පත් කරන්නේ.

දැන් කට්ටිය පොඩ්ඩක් හිතල බලන්නකෝ අධික සිනි ප්‍රමණයක් එකදිගට ඔය වගේ ලේ වලට එකතු වෙනවා කියල අන්න එතකොට ඔයාට දියවැඩියා අවධානමක් තියනව.ඔයාගේ පවුලේ කාට හරි දියවැඩියාව තියනවා නම් පරිස්සම් වෙන එක අනිවාර්යයි.

දැන් ඔයාල කල්පනා කරයි සිනි විතරද මේකට බලපාන්නේ කියල නැහැ උදාහරණයකින් පැහැදිලි කරන්නම් කට්ටියට මතකද mass freak කියල කහ පාට ලොකු මාර්ස් ගෙනර් එකක් අවා.ඔන්න ඕක බාවිතා කරපු හුගකගේ සිරුරේ ලේ වල සිනි ප්‍රමානය වැඩි වෙලා තිබුන.කොහොමත් මාර්ස් ගෙනර් වල සිනි තියනවනේ.එත් ගැටලුව උනේ එක නෙමේ.මේ mass freak කියන සප්ලිමන්ට් එකේ තිබුන කබෝහයිඩ්රේට් එක සරල වැඩි නිසා ටක් ගාල ඇගට අවශෝෂණය උනා.එහෙම උනාම වෙන්නේ සප්ලිමන්ට් එකේ සිනි සහ කබෝහයිඩ්රේට් එකෙන් එන සිනි නිසා රුධිරගත සිනි සාන්ද්‍රණය ඩබල් උනා.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ හුගක් සප්ලිමන්ට් වල සිනි අන්තර්ගතයි.කෙට්ටු කෙනෙක්ට ලංකාවේ ආර්ථිකමය පැත්තෙන් ඉක්මනට වර්ධනය කරගන්න මිලදී ගන්න පුළුවන් සප්ලිමන්ට් එක තමා මාර්ස් ගෙනර් කියන්නේ.ඉතින් සප්ලිමන්ට් එකක් ගනිද්දී හුගක් හොයල බලලා දන්නා කෙනෙක් ගෙන් අහල ගන්න ඕන ප්‍රමාණය නිශ්චිතව දැනගෙන සප්ලිමන්ට් එකක් ගන්න.

මොකද සමහර වෙලාවට කෝල් එනවා අය්යේ ඔයා හොදයි කියන සප්ලිමන්ට් මට වැඩ කරන්නේ නැහැනේ කියල.ඊට පස්සේ ගත්ත විදිය ඇහුවම මම ඔලුවේ අත ගහන්නවා.ඔයාල විශ්වාස කරනවද රෂියන් බේයර් සප්ලිමන්ට් එක එක වරකට ග්‍රෑම් 470 බැගින් දවසට දෙපාරක් ගන්න ළමයි ඉන්නවා කියල.එතන සිනි ග්රෑම් 63 ක් තියනව පොඩ්ඩක් හිතල බලන්න දවසට සිනි 126ක් මේක සාමාන්‍ය පවුලක් දවස් දෙකක් පාවිච්චි කරන සිනි ප්‍රමාණයට සමානයි. එක නිසා කොයි වෙලේවත් ගහල තියන විදියට වත් එහෙම නැත්තනම් කවුරුත් කියපු විදියට වත් සප්ලිමන්ට් පාවිච්චි කරන්න එපා.අනිවා පොඩ්ඩක් හොයල බලන්න ගන්න කලින්.

එහෙනම් ළමයි අපි ගියා..පොස්ට් එක හොද නම් ලයික් එකක් දාල නොදන්නා කෙනෙක්ට බලන්න ෂෙයාර් කරන්න.

සප්ලිමන්ට් වලට LOOSE MOTION හැදෙන්නේ ඇයි ?

සුබ දවසක් සහෝදර වරුනි... කට්ටිය සියලු දෙනා සුවෙන් සැපෙන් කියල හිතනවා.ඔන්න ළමයි අද අපි කතා කරන්න හිතුවේ තවත් කට්ටිය ගොඩකට තියන ප්‍රශ්නයක් ගැන. හුගක් අය කරලා අහන ප්‍රශ්නයක් තමයි සමහර වෙලාවට සමහර සප්ලිමන්ට් බාවිතා කරද්දී loose motion හැදෙනවා කියන එක.සිංහලෙන් කියනවා නම් බඩ බුරුලෙන් මළපහ පිටවීම.

මේක ඇත්තටම හුගක් හොද ප්‍රශ්නයක් මේක මම හිතන්නේ සප්ලිමන්ට් බවිතා කරන හුගක් අයට තියන ප්‍රශ්නයක් මේක. මචන්ලා අපි ඔක්කොටම වගේ එක පාරක් හරි මේ සීන් එක වෙලා තියනව මොකද මම අත්දැකීමෙන් කියන්නේ.මම හිතන්නේ හුගක් අයට් මේ ප්‍රශ්නේ ඇති.මේකට ඇත්තටම හේතු කීපයක් තියනව. අපි බලමු මොනාද මේ හේතු කියල
සාමාන්යෙන් අපි මාර්ස් ගෙනර් එකක් හරි එහෙම නැත්නම් නැත්නම් වේ ප්‍රෝටීන් එකක් හරි බවිත් කරනකොට අසාමාන්‍ය ව්දියට මල පහ පිටවෙනවා නම් එකියන්නේ ඒ සප්ලිමන්ට් එක හෝ එහෙම නැත්තනම් අපේ සිරුරේ හෝ යම් කිසි ගැටළුවක් තියනව.අපි එහෙනම් සහෝදර වරුනි බලමු මොන නිසාද මේ වගේ කියල.....

1.අතුරු අබාධ නිසා උදරයේ පිරුණු සොබාවයක් ගැනීම හෝ අතීසාරය/පාචන තත්ත්ව.

ටිකක් බය හිතෙනවා වගේ නේද...මම පැහැදිලි කරන්නම්.සමහර අයට ජානමය වශයෙන්ම කිරි වගේ දේවල් අසාත්මික වෙන්න පුළුවන්.මේක හරියට නිකන් කස්ටිය දැකල තියනව නේද ඔය ඉස්සෝ ,දැල්ලෝ, එහෙම නැත්තනම් හරක් මස් වගේ දේවල් වලට අසාත්මික කට්ටියව.අන්න ඒවගේම තමා මේකත් ඒ අය කිරි මිශ්‍ර අහර වලට අසාත්මික තාවයක් දක්වනවා.හැබැයි මෙහෙම අයට පොඩි කලේ ඉදන්ම කිරි මිශ්‍ර දේවල් ගන්න බැරි නිසා එයාලට එක අදුන ගන්න ලේසි.
හැබැයි හුගක් වෙලාවට මෙහෙම වෙන්නේ ඔයාල ගන්න ප්‍රෝටීන් ප්‍රමණය වැඩි වෙන නිසා වෙන්නත් පුළුවන්.
ඒ වගේ අපි සප්ලිමන්ට් එකක් ගනිද්දී ගන්න ඕන හොදට අහල දැනගන්න ඕනේ.මොකද අධික විදියට වේ ප්‍රෝටීන් අපි සිරුරට එකතු කරගත්තොත් උදරයේ පිරුණු සොබාවය,බඩ බුරුලෙන් මලපහ පිටවීම,බඩේ ගෑස් තත්ත්ව වගේ ඇති වෙන්න පුළුවන්.

2.අධික වශයෙන් ප්‍රෝටීන් ලබා ගැනීම.
හරි ලමයි මේක තමයි අනිත් කරණය.අපි පොඩ්ඩක් සර්ච් කරලා බැලුවොත් කයවර්ධ්නය ගැන හැම සයිට් එකකම අපිට බලන්න පුළුවන් අනත්ත්වත් වේ ප්‍රෝටීන් වර්ග.පුළුවන් තරම් අපේ ඔලුවලට ඔබන්න හදන එකම දේ තමයි දවසට පුළුවන් තරමක් ප්‍රෝටීන් ගන්න ගන්න ගන්න.ඕක තමයි කට්ටිය කියන්නේ.හොද කෑම වේලක් ගැන හොද විදියේ සෙල්ලම් කිරීමක් ගැන හොයන්න පට්ට අමාරුයි.එක නිසා රැවටෙන්න එපා වේ ප්‍රෝටීන් ඕනේ තමා ඒ උනාට කොයි වෙලාවකවත් අනවශ්‍ය විදියට වේ ප්‍රෝටීන් බවිත කරන්න පෙලබෙන්න එපා.මොකද අපි කොච්චර වේ ප්‍රෝටීන් ගත්තත් පැයකට වේ ප්‍රෝටීන් ග්රෑම් 5-9ත් අතර පරමනයක් තම ජීර්ණය කරන්නේ.

3.සප්ලිමන්ට් එකේ තියන කබෝහයිඩ්රේට් එක නිසා.
හිතන්න ඔය මාර්ස් ගෙනර් එකක් බාවිතා කරනකොටත් ඔයාට බඩේ අජීර්ණ තත්වයක් ඇති වෙනවා කියල.එහෙම වෙන්නේ හුගක් වෙලාවට කබෝහයිඩ්රේට් එක නිසා වෙන්න පුළුවන්.මොකද අධික තන්තු ප්‍රමාණයක් සහිතව දියරමය වශයෙන් කබෝහයිඩ්රේට් එකක් අපි සිරුරට ලබා දුන්නොත් අනිවා එක අවශෝෂණය කරගන්න අමාරු වෙන්න පුළුවන්.එහෙම උනාම අනිවාර්යෙන් බඩ විරේඛ වෙන්න පුළුවන්.සප්ලිමන්ට් එක හොද උනත් අනිවාර්යෙන් ගන්න ඕන විදිය හරියට බලන්න ඕනේ මොකද කිව්වොත් මම හැමවෙලේම කියනව වගේ සප්ලිමන්ට් එකේ ප්‍රින්ට් කරලා තියන විදියට බාවිතා කරන්න එපා.හොදට දන්නා කෙනෙක්ගෙන් ආහල බාවිතා කරන්න.

4.සප්ලිමන්ට් එකේ අන්තර්ගත බැර ලෝහ නිසා 
මෙන්න මේක තමයි සහෝදරවරුනි හුගක් වැදගත්ම සහ හුගක් බයානකම කාරණය.සමහර පරේක්ෂකයින් සමහර සප්ලිමන්ට් විද්‍යාත්මකව පරික්ෂා කරද්දී හොයාගත්ත දෙයක් තමා දැනට බාවිතා වෙන සප්ලිමන්ට් හුගක් ඒවගේ බැර ලෝහ අන්තර්ගතයි කියන එක.බැර ලෝහ කියල කියන්නේ ලෙඩ් ,අසනික් කැඩ්මියම් වගේ ජීර්ණය නොවන සිරුරට අධික විෂ සහිත ලෝහ .මේවා සිරුරේ හුගක් එකතු වීම අතිශය විෂදායකයි.සප්ලිමන්ට් නිපදවීමේදී රසකාරක සදහා මේ බැර ලෝහ බාවිතා කරනව.මේවා හුගක් සිරුරට එකතු උනාම අනිවාර්යෙන් ජීර්ණ ප්‍රශ්න ඇති වෙලා බඩ විරේක වෙන්න තියන ඉඩ කඩ හුගක් වැඩි.එකට කරන්න පුළුවන් දෙයක් විදියට මම නම් දකින්නේ ගන්න සප්ලිමන්ට් එක හොද BRANDED ආයතනයක සප්ලිමන්ට් හැමවෙලේම ගන්න ඒවගේම අලුත් එකක් ගන්නවා නම් පුළුවන් තරම් හොයල බලල ගන්න කියන එකත් කියන්න ඕනේ.

Body-Engineers Sri Lanka

කොච්චර ජිම් ගියත් අත් වල එහෙම නැත්තන් biceps muscles වර්ධනය වෙන්නේ නැත්තේ ඇයි මෙන්න හේතුව

අපි අද කතා කරන්න හිතුවේ ලංකාවේ ප්‍රශ්නයක් ගැන. අත් වල එහෙම නැත්තන් biceps muscles වල වර්ධනය පිලිබදව.

හුගක් අය කියන දෙයක් තමයි කොච්චර සෙල්ලම් කරත් biceps muscles වර්ධනය වෙන්නේ නැහැ කියන එක. ඊට අමතරව සමහර අය කියනවා හුගක් ලොකු බරක් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් එයට තේරෙනවා මාංශ පේශි වර්ධනය වෙලා කියල හැබැයි එක පිටට පෙන්නේ නැහැ කියල. මේ ගැටලුව හුගක් අයට තියනවා කියන එක තමයි අද අපි මේ පොස්ට් එක දාන්න හිතුවේ.

කෙසේ හෝ වේවා හුගක් ය තේරුම් ගන්නේ නැති දෙයක් තමයි ශක්තිය වර්ධනය වීම හා මාංශ පේශි වර්ධනය අතර ලොකු වෙනසක් තියනව කියන එක.ඔයාල තේරුම් ගන්න ඕන දෙයක් තමයි ශක්තිය වර්ධනය වීමට මාංශ පේශි වර්ධනය වීම අනිවාර්ය නැහැ කියන එක. අනිත් මතක තියාගන්න ඕන එක එක තමයි ලොකු බර ප්‍රමාණයක් යොදල සෙල්ලම් කල පමණින් මාංශ පේශි වර්ධනය වෙන්නේ නැහැ කියන එක.

මාංශ පේශි වර්ධන වෙන්න හුගක්ම උපකාරී වෙන්නේ අඩු කාලයක් තුල වැඩි ආතතියක් මාංශ පේශි මත යෙදීම කියන එක. තව පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මේක ගැන. සාමාන්යෙන් මෙතනදී කියන්නේ හුගක්ම ඔය සෙල්ලම් කරන ප්‍රමානය එහෙමත් නැත්තම් පරිමාව වැඩි කරන්න කියන එක. උදාහරණයක් විදියට කියනව නම් හුගක් අය ජිම් වලදී දැකල ඇති එක සෙට් එකක් සෙල්ලම් කලට පස්සේ සාමාන්යෙන් මිනිත්තු කීපයක විවේකයක් ගන්නවා. මේක එතරම් හොද දෙයක් විදියට අර්ථ දක්වන්න බැහැ. සාමාන්යෙන් ඔයා සෙල්ලම් කරන සෙට් අතර අවම විවේක කාලයක් ගැනීම තමයි මෙතන ආතතිය ලබාදීම කියල හදුන්වන්නේ.

හුගක් අය පටල ගන්නවා strength training සහ bodybuilding අතර වෙනස. ලංකාවේ හුගක් ජනප්‍රිය නැති උනත් strength training කියන එක වෙනස්ම විදියේ ක්‍රීඩාවක්.මෙතනදී හුගක්ම බලපාන්නේ මාංශ පේශි වල ප්‍රමාණයට වඩා එහි කොතරම් ශක්තියක් , දරා ගැනීමේ හැකියාවක් තියනවද කියන එක. එත් bodybuilding කියන දේට ශක්තිය වැදගත් තමයි එත් මාංශ පේශි වර්ධනයට බලපාන මුලිකම දේ එක කියන්න අමාරුයි. හොදට මතක තියාගන්න ශක්තිය වර්ධනය කියන්නේ මාංශ පේශි වර්ධනය නෙමේ.

ලොකු ආතතියක් යටතේ අඩු කාලයක් සෙල්ලම් කිරීමෙන් අපේ සෙල්ලම් කිරීමට අදාල මාංශ පේශි hypertrophy නමැති තත්වය ඇති වෙනවා. මේකේ සිංහල තේරුම අධිවර්ධනය කියන අවදියට මාංශ පේශි ලක් වෙනවා කියන එක. මේක සාමාන්යෙන් bicep muscles වලට පමණක් නිශ්චිත දෙයක් නෙමේ. මංශපේශී සියල්ලටම මෙය පොදුයි.

Body-Engineers Sri Lanka

මසල් සයිස් කරන්න ඩ්‍රොප් සෙට් ක්‍රමය

අද කට්ටියට කියල දෙන්න හිතුව මුලින්ම මෙ ඩ්‍රොප් සෙට් සංකල්පය පිලිබදව..
ඩ්‍රොප් සෙට් කියල සංකල්පය සාමාන්‍ය අර්ත දැක්වීමෙන් කියන්නෙ "ඩ්‍රොප් සෙට් ක්‍රමය යනු යම් කායවර්ධන ව්‍යායාමයක් කරල ඊට පස්සෙ විවෙකයක් නැතුවම ඊට වඩා අඩු බරක් තෝරාගෙන නැවත සෙල්ලම් කිරීම යි." ඇත්තම කිව්වොත් මේක හරිම අර්ත දැක්වීම නෙමෙයි.මොකද english අර්ත් දැක්වීම එහෙම්මම සින්හලයට පරිවර්තනය කරන අමාරුයි. උදාහරන මගින් පැහැදිලි කරල දෙන්නම් ඉස්සල්ල අපි බලමුද ඇයි මේ ක්‍රමය මෙච්චර සාර්තක කියල.අපි සාමාන්‍ය සම්ප්‍රධායික ක්‍රමයට 8 රෙප් ක්‍රමයට වැඩි බර යොදාගෙන සෙල්ලම් කරද්දි නිශ්චිත මාංශපේශී කොටසකට තමා එකෙන් බලපෑමක් වෙන්නෙ. අපේ බාසාවෙන් කියනවන්ම් මසල් එකෙ එක කොටසකට විතරයි වදින්නෙ.. තවත් විදියකට කියනව නම් කට්ටියට මම මුලිනම කියල දීල තියනව මාංශ්පෙශි හැදිල තියෙන්නෙ තන්තුවලින් කියල (fibers).ඉතින් අපි එකම ප්‍රමානයේ බර යොදාගෙන සෙල්ලම් කරද්දි මසල් එක යම් එක් කොටසකට තන්තු වලට තමා වදින්නෙ. හැබැයි ඩ්‍රොප් සෙට් ක්‍රමය බර අඩු කරමින් රෙප්ස් වැඩි කරමින් සෙල්ලම් කරද්දි වෙනස් වෙනස් මසල් තන්තු වලට වදින නිසා වර්ධනය වීමේ හැකියාව වැඩි.

ඩ්‍රොප් සෙට් එක කොටස් දෙකට බෙදන්න පුලුවන්
1.ඩම්බල් වලින්
මේකෙදි කරන්න ඉස්සල්ල ගහන්න පුලුවන් ලොකු බර තියන ඩම්බල් එක තොරගෙන රෙප්ස් 3-4 ක් ගහල ඊට පස්සෙ ටක් ගාල ඊට ටිකක් අඩු බර ඩම්බල් එකක අරගෙන සෙල්ලම් කරන එක.මේක අන්තිමට මසල් එක ෆුල් ටයර්ඩ් වෙනකම් ගහනව.ඔන්න මම කිව්ව උදාහරනය.
ඩම්බල් ක(ර්)ල් එක ගහනව කියල හිතන්න.
Set 1- බරක් තොරගන්න රෙප්ස් 3,4ක් විතරක් ගහන්න පුලුවන්(වැඩි බරක්)
Set 2 - ඊට පස්සෙ කිලො 2 ක් විතර අඩු බරක් තෝරගෙන රෙප්ස් 8-10
Set 3 - ඊට පස්සෙ තව කිලෝ 2ක් විතර අඩු බරක් තෝරගෙන රෙප්ස් 10-12
Set 4 - ඊට පස්සෙ තව කිලෝ 2ක් විතර අඩු බරක් තෝරගෙන රෙප්ස් 12 -15
Set 5 - අන්තිමට තව කිලෝ 2,4 අඩු බරක් තෝරගෙන රෙප්ස් 15-20
මේ විදියට සෙල්ලම් කරද්දි සැලකිය යුතු කරුනු දෙකක් තියනව එකක් පලවෙනි සෙට් එක තමා බර වැඩියෙන්ම ගහන සෙට් එක. දෙවෙනි එක තමා මේ මම කියපු සෙට් අතර විවේකයක් නෑ.

2.බාර්බෙල් ඩ්‍රොප් සෙට්
මේකට අපිට අපිට සප් එකට එකෙක් ඔනෙ..කලින් විදියම තමයි එක සෙට් එකක් ගහල වීල් එකක් ගැලෙව්ව.අයෙ ගැහුව. අයෙ වීල් එකක් දෙකක් ගැලෙව්ව අයෙ ගැහුව.ඔයා සෙල්ලම් කරන අතරෙ සප් එකට ඉන්න එක්කනා වීල් ගලවන්න ඔනෙ. එතකොට ඔයාට රෙස්ට් එකක් නොගෙන සෙල්ලම් කරන්න පුලුවන්.

උදා- බාර්බෙල් කර්ල් එක ගහනව කියල හිතන්න.
Set 1- බරක් තොරගන්න රෙප්ස් 3,4ක් විතරක් ගහන්න පුලුවන්(වැඩි බරක්)
Set 2 - ඊට පස්සෙ කිලො 2 ක් විතර අඩු කරල රෙප්ස් 8-10
Set 3 - ඊට පස්සෙ තව කිලෝ 2ක් විතර අඩු කරල රෙප්ස් 10-12
Set 4 - ඊට පස්සෙ තව කිලෝ 2ක් විතර අඩු කරල රෙප්ස් 12 -15
Set 5 - අන්තිමට තව කිලෝ 2,4 අඩු කරල රෙප්ස් 15-20
ඕක තමා ඩ්‍රොප් සෙට් සංකල්පය කියන්නෙ.ඇත්තටම මෙක හොද විදියක් මසල් සයිස් කරන්න.හැබැයි පෝශනය සහ සප්ලිමන්‍ට් අනිවාර්‍යයි.මොකද මේ විදිය සෙල්ලම් කරනව කියන්න අධික විදියට මාංශ්පේශි විඩාවට පත්වෙනව.එහෙම උනාම නින්ද සහ හොද පෝශනයක් මසල්ස් වලට දෙන්න ඔනෙ. නැත්තන් ඔය වගෙ ඉන්ටෙන්සිටි ට්‍රේනින් එකකදි මසල් එකේ ප්‍රෝටීන් කැඩිල තමා ශක්තිය දෙන්නෙ. එහෙම උනාම තිබ්බටත් වඩා සයිස් අඩු වෙයි.එක නිසා ප්‍රෝටීනෙ සප්ලිමන්ට් එකක් යන්නෙ නැත්තන් මේ විදියට සෙල්ලම් නොකර ඉන්නෙ අඩුම තරමෙ ග්ලුටමින් පාරක් හරි යන්න ඔනෙ.
එහෙනම් ලමයි අපි ගියා පොස්ට් එක හොද නම් ලයික් එකක් දාන්න. ලයික් නොකලත් කමක් නෑ නොදන්න කෙනෙක්ට බලන්න ශෙයර් කරන්න.

Body-Engineers Sri Lanka

ජිම් එකේ සෙල්ලම් කරන්න කලින් කන්න හොද කෑම බීම

ආයුබොවන්ඩ කිව්ව සහොදර වරුනි.. කොහොමද ඉතින්..ඔන්න අදත් ගෙනාවෙ හුගක් වැදගත් පොස්ට් එකක්.කෑම කියන එක ජීවිතෙ වැදගත් දෙයක් කියල අමුතුවෙන් කියන්න ඔනෙ නැනෙ.ඉතින් කායවර්දනය කරන අයටත් කෑම බීම හරියට වැදගත්.එක නිසා මම අද කතා කරන්න හිතුව ජිම් යන්න කලින් කන්න හොද කෑම බීම ගැන.සාමාන්‍යෙන් අපි ජිම් යන්න කලින් ගන්න අහාර වලින් පුලුවන් අපි ජිම් එකෙ සෙල්ලම් කරන සම්පූර්ණ කාලයේම හොද ජවයක් ඇගෙ තියාගන්න.එවගේම තමයි රුධිර ගත සීනි මට්ටම අඩුවීමත් වලක්ව ගන්න පුලුවන්.කොහොම හරි එහෙනම් මෙන්න කෑම බීම ටික.

1.කෙසෙල්
මෙන්න මේක තමා එකටම තියෙන්නෙ. මේක තව විදියකට කියනව නම් සොභාවික power bar එකක් විදියටත් හදුන්වන්න පුලුවන්. කෙසෙල් වල ප්‍රධාන වශයෙන් අන්තර්ගත වෙලා තියෙන්නෙ සිරුරට උරා ගැනීමට පහසු කාබොහයිඩ්‍රෙට් හා පොටෑසියම් වලින්. මේව මාංශ්පේශි වල නිසි ක්‍රියා කාරිත්වයට වගේම ස්නායු පද්ධතියටත් හුගක් හොදයි. සිරුරෙ පොටෑසියම් ගබඩා කරල තියාගන්නෙ නෑ එක නිසා සෙල්ලම් කරන්න කලින් හොද ආනමාලු ගෙඩියක් වගේ කාල යන්න පුලුවන් නම් ගොඩක් හොදයි.

2.ඕට්ස්
මේක නම් ලංකාවෙ කට්ටියට හුගක් පුරුදු කෑමක් නෙමෙ.එත් ඉතාම ගුනදායක ආහාරයක්. මේක තන්තු බහුල ආහාරයක්.එක නිසා ඕට්ස් ව්ල තියන කාබොහයිඩ්‍රෙට් රුධිරයට නිදහස් කිරීම ඉක්මන් කරනව.එවගේම මෙක B විටමින් වර්ග වලින් අනූන නිසා කාබොහයිඩ්‍රෙට් ශක්තිය බවට පත් කිරීමෙ ක්‍රියාවලියත් ඉක්මන් කරනව. සෙල්ලම් කරන්න යන්න කලින් ඕට්ස් කෝප්ප එකක් කාල යන්න පුලුවන් නම් ගොඩක් හොදයි.

3.පලතුරු බීම
ඉස්සල්ලම කියන්න ඔනෙ මම මෙ කියන්නෙ sunquick,md cordial,tang වගෙ එව ගැන නෙමේ කියන එක. ඒ කියන්නෙ ළමයි අපි මෙතනදි පාවිච්චි කරන්න ඔනෙ හොදට ඉදුනු පලතුරු වලින් හදාගත්ත් බීම ජාති. අද හුගක් කට්ටි සෙල්ලම් කරන්න කලින් පලතුරු ජාති කන්නෙ නෑ මොකද හේතුව අනවශ්‍ය කාබොහයිඩ්‍රට ඇගට වැටෙන නිසා.ඇත්තටම එක වැරදි. හේතුව ප්‍රෝටීන් ලේසියෙන් කැඩිල ශක්තිය ලබාදෙන්නෙ නෑ. එක නිසා අපි හොද ගුන කාබොහයිඩ්‍රෙට් ජිම් යන්න කලින් ඇගට ගන්න ඔනෙ එතකොට අපිට මාංශ්පෙශි damage වීමෙන් වලක්ව ගන්න පුලුවන්.

*සෙල්ලම් කරන්න කලින් කන්න හොද නැති දෙවල්*
දැන් අපි බලමු නොකා ඉන්න ඔනෙ මොනද කියල.  දැන් මම සෙල්ලම් කරන්න කලින් කාබොහයිඩ්‍රෙට් ගන්න කිව්ව කියල සීනියි චොකලටුයි රටෙ නැති පැනි රස කෑම කන්න එපා. මොකද එව ගුනාත්මක කාබොහයිඩ්‍රෙට් නෙමෙ. මොකද ඔය වගෙ අධික සීනි සහිත කෑම ගත්තම ලේ වල සීනි සාන්ද්‍රණය ඉහල යනව එහෙම් උනාම ඉක්මනට කෙන්ඩ පෙරලෙන්න බලනව ඒවගෙම සෙල්ලම් කරන අතරතුර අධික මහන්සි ගතියක් දැනෙන්න පුලුවන්. අනිත් දේ ඔයලා සෙල්ලම් කරන්න එද්දි හුගක් කාල එන්න එපා එහෙම උනාමත් කෙන්ඩ පෙරලෙන්න සහ මාංශ පෙශි වලට හානි වීමෙ හැකියාව වැඩි වෙනව. අනිත් ප්‍රධානම දේ මම කිව්ව කෑම බීම ඔක්කොම අතිරේක කෑම ජාති විතරයි. හොද ඇගක් හදන්න ඔනෙ නම් හොද සමබල අහාර වෙලක් ගැනීමත් අත්‍යාවශ්‍යයි. එහෙනම් සහෝල අපි ගියා.පොස්ට් එක හොද නම් like එකක් දාල දන්නෙ නැති කෙනෙක්ට බලන්න share කරන්න.කස්ටියටම සුබ දවසක්.

මොනාද මේ bodytone tablet..? ජිම් යන අය අනිවා දැනගතයුතු දෙයක්

කොහොමද සහෝදරවරුනි අද මම දාන්න හිතුවෙ කට්ටිය තවත් මගෙන් අහන ප්‍රශ්නයකට පිලිතුර. bodytone tablet වැඩද කියන එක.

ඇත්තම කියනව මේක හුගක් අද කාලෙ famous කියල දැනගත්තෙත් මේ page එකට ලැබෙන msg වලින්..  ඇත්තම කියනවනම් සහෝල මේකෙ ගහල නම් තියෙන්නෙ ප්‍රෝටීන් complex එකක් තියන tablet එකක් කියල.

එත් මොනාද මෙ ප්‍රොටින් මොනාද තියන ඇමයිනො අම්ල කියල කිසි දෙයක් මෙකෙ අන්තර්ගත වෙන්නෙ නෑ. එක නිසා කියන්න තියෙන්නෙ මේක පාවිච්චි නොකර ඉන්නවන්ම් ගොඩක් හොදයි කියන එක. මොකද මොන මගුලක් තියනවද කියල දන්නෙ නැතුව ගහන්න එපා. අනික මේක කිසිම branded product එකක් නෙමේ. සමහර වෙලාවකට gym වල කට්ටිය මේක ලාභ නිසා විකුනනව ඇති එත් මම නම් කියන්නෙ හොද ඇමයිනො පෙති ටිකක් ලූස් අර ගන්න එක පාර ගන්න අමාරුනම්.

නැතුව මේවගෙ products පාවිච්චි නොකර ඉන්න කියන එක තමා. ඇඟ හදන්න ඕනෙ තමයි සහෝදරවරුනි එත් ඇඟට ඕන ජරාවක් දාගන්න එපා. එහෙනම් අපි ගියා. පොස්ට් එක හොද නම් ලයික් පාරක් දාල තව කෙනෙක්ට බලන්න share කරන්න..

Body-Engineers Sri Lanka