Workouts for Six Pack - 6 පැක් සඳහා ව්‍යායාම

මේ ලිපියෙන් අපි බලමු උදර පේශීන් වල තියෙන මේදය දහනය කරලා (බඩ අඩුකරලා) abs හදාගන්න කරන්න ඕන ව්‍යායාම.

2. සිට් අප්ස්
පොලොව මත දිගාවෙන්න. දෙපතුල් පොලොව මතත්, අත් නලල මතත් තබාගන්න. හැකිනම් කාටහරි කියන්න කකුල් දෙක උඩ හිටගන්න කියලා. නැත්නම් කකුල් දෙක ඉස්සෙන්නෙ නැතිවෙන්න මොකක්හරි බරක් කකුල් උඩට තියාගන්න. දැන්, පුලුවන් තරම් ඇ‍ගෙන් වෙර දාලා ඉස්සෙන්න. දණහිස ළඟටම ඉස්සෙන්න. නැවෙන්න එපා. සෘජුව ඉන්න. දැන් නැවතත් හෙමිහිට පහලට යන්න.


2. කකුල් එසවීම්
පොලොව මත දිගාවන්න. අත් දෙක ඉන දෙපස සෘජුව තබාගන්න. දැන් කකුල් සෘජුව ඉහලට ඔසවන්න. සණහිස් නොනවා මෙය සිදුකල යුතුයි. කොටස් කීපයකට මෙය කරන්න පුලුවන්. උස අඩු මට්ටමේ සිට අංශක 90 දක්වා කොටස් තුනකට කරන්න.
තව ක්‍රමයක් තියෙනවා, කකුල් දිගහැරලා, ඊළඟට දණහිස් පපුව ළඟට නවලා ළඟා කරගන්න. නැවතත් කකුල් දිගහරින්න.

3. සෘජුව සිටීම
ඉහත රූපයේ පරිදි ශරීරය කෙලින් තබාගෙන, අත් දෙකෙන් හා කකුල් වලින් ඉන්න. එතකොට ඇඟ කෙලින් තියාගන්න උදර මාංශපේෂීන් ඉවහල් වනවා. එතකොට සම්පූර්ණ උදර මාංශපේෂීන් වලටම ව්‍යායාමයක් ලැබෙනවා.

හොඳ වීඩියෝ කීපයක් පහතින්...