ඇඟේ fat එක වැඩිද? Muscle building කරන එකයි fat burn කරන එකයි අතර සම්බන්ධය මෙන්න.

මිනිසුන් වැඩිදෙනෙක් දන්නේ නැහැ weights වලින් workout කරන එක fat lose කරන්න  විශාල බලපෑමක් ඇති කරන බව. ගොඩක් අය හිතන්නේ weights වලින් trainning කරන්නේ ශක්තිමත් සහ විශාල මාංශ පේශී ලබා ගැනීමට අවශ්ය අය විතරයි කියල. මේ වගේ දුර්මත නිසා ගොඩක් මිනිස්සුන්ට අපහසු වෙලා තියෙනවා තමන්ගේ වැඩිපුර තියෙන fat ටික burn කරලා ලස්සනට නිරෝගී සිරුරක් තියාගන්න. 
ඒකෙන් කියවෙන්නේ නැහැ fat lose කරගන්ට තියෙන එකම මාර්ගය body building කියල. weights වලින් workout කරන එක fat lose කරගන්ට තියෙන, පහසු එක ක්‍රමයක් විතරයි.

muscles building කරන එකෙන් Fat lose වෙන්නේ කොහොමද ?
ඔයගොල්ලෝ දැනටමත් දන්නවා weights වලින් trainning කරනකොට අපේ ඇඟේ තියෙන දුර්වල මාංශ පේශීන් ශක්තිමත් කරලා ඒවා වර්ධනය වෙනවා කියලා. මාංශ පේශි වර්ධනය වෙනවා කියන්නේ ඔබේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියා වැඩි වෙනවා .ඒ කියන්නේ කැලරි වැඩි ප්‍රමාණයක් දහනය කරනවා. සරලවම කිව්වොත් ඔබ නොදන්නවා උනාට workot නොකරන වෙලාවල් වලදී (නිදා ගන්නකොට /රෙස්ට් කරනකොට පවා) කලින්ට වඩා වැඩි පුර කැලරි දහනය කරනවා. වැදගත්ම දේ තමා ඔයාට නොදැනීම ඔයාගේ fat burn වෙන එක ඉක්මන් වන එක.
ඔයාල දැකල ඇතිනේ කෙටිදුර ධාවකයින්ගේ සිරුරු කොහොමද කියල. bolt , tysen gay වගේ අය. එයාලගෙත් muscle mass එක වැඩියි. එයාලගේ ඇඟේ fat burn වෙන ප්‍රතිශතය වැඩි නිසා එයාලට වෙන බෝරින් exercises කර කර කාලේ නාස්ති කරන්ට වෙන්නේ නැහැ.

ඔයාලටත් ෆැට් බුරන් කරගන්න තියෙන ලේසිම ක්‍රමය තමා ඔයාලගේ සිරුරට ගැලපෙන workot shedule එකකුයි නිවැරදි diet plan එකකුයි එක්ක දැන්ම වැඩ පටන් ගන්න එක.