මොකද්ද මේ ටෙස්ට්ටෙස්ටරෝන් (Testosterone) හෝමෝනය? කොහොමද මේක කාය වර්ධනයට උපකාරී වෙන්නේ ?

අද අපි කතා කරන්න හිතුව තවත් අලුත් දෙයක් ගැන.එක තමයි මොකද්ද මේ ටෙස්ට්ටෙස්ටරෝන් (Testosterone) හෝමෝනය? කොහොමද මේක කාය වර්ධනයට උපකාරී වෙන්නේ ? කියන ගැටලුව ගැන හුගක් යට තියන ප්‍රශ්නයක් තමයි මොකද්ද මේ ටෙස්ට්ටෙස්ටරෝන් (Testosterone) හෝමෝනය කියන්නේ කියන එක ... ඕක ඔය කියන තරම් ම බලවත් ද? මොකද්ද මේකෙන් වෙන්නේ කියන දේවල්.... ඉතින් අපි කතා කරන්න හිතුව මේ මාතෘකාව ගැන.

ටෙස්ට්ටෙස්ටරෝන් කියල කියන්නේ සොබහවිකවම කාන්තා සහ පිරිම කියන දෙගොල්ලොන්ගේම සිරුරු වල නිපදවෙන හෝමෝනයක් ටෙස්ට්ටෙස්ටරෝන් කියල කියන්නේ ශුක්‍රානු නිපදවීමට (androgenic)වැදගත් වෙන සහ සංවෘතිය(anabolic ) පරිවෘත්ති ක්‍රියාවලට උපකාරී වෙන හෝමෝනයක් .සාමාන්යෙන් ටෙස්ට්ටෙස්ටරෝන් කියන්නේ පිරිමි හෝමෝනයක් මොකද කාන්තාවන්ට වඩා පිරිමි අයගේ ටෙස්ට්ටෙස්ටරෝන්නිෂ්පාදනය 40%- 60% ප්‍රමාණයක් වැඩි.

කොටින්ම කිවොත් අපි ගැහැණු ගති නැතිව පිරිමි ගති ඇවිල්ල තියෙන්නේ ටෙස්ට්ටෙස්ටරෝන් කියන හෝමෝනයට පින් සිද්ධ වෙන්න තමයි එකියන්නේ පිරිමින් සතු රැවුල වැවීම,කටහඩ ගැබුරු ස්වරුපයක් ගැනීම වගේ ලක්ෂණ හුගකට හේතුව මෙන්න මේ කියන ටෙස්ට්ටෙස්ටරෝන් හෝමෝනය තමා.

මිට අමතරව පිරිමින් ගේ සහ කාන්තාවන්ගේ මාංශ පේශි වර්ධනයටත් හුගක්ම ටෙස්ට්ටෙස්ටරෝන් හෝමෝනය උදවු දෙනවා.මිට අමතරව.ශක්තිමත් බවය වැඩි කරන්නත් ටෙස්ට්ටෙස්ටරෝන් හෝමෝනය උදව් වෙනවා
හුගක්අය ටෙස්ට්ටෙස්ටරෝන් හෝමෝනය වැරදියට තේරුම් ගත්ත අවස්ථා තියනවා. එකියන්නේ ටෙස්ට්ටෙස්ටරෝන් හෝමෝනය පමණක් මාංශ පේශි වර්ධනයට සහෙන්නේ නැහැ. තව විවිද හෝමෝන වර්ග අවශ්‍ය වෙනවා (වර්ධක හෝමෝන ,කොටිසොල් වගේ හෝමෝන.) මේ දේවල් සමහර අයගේ ජානමය ලක්ෂණ නිසා වර්ධනය සිමා වෙන අවස්ථාත් තියනවා. 

ටෙස්ට්ටෙස්ටරෝන් හෝමෝනය සොබවිකව වැඩි කරගන්න එක තමා හොදම දේ කෘතිමව වැඩි කරගන්න එකට තමා ස්ටේරෝයිඩ්ස් බවිත කරනවා කියල කියන්නේ.කෘතිමව ටෙස්ට්ටෙස්ටරෝන් සිරුරට ලබා දුන්නම රුධිර ගත් ටෙස්ට්ටෙස්ටරෝන් මට්ටම ඉහල ගියත් එත් එක්ක අතුරු අබාධ ගොඩක මග පාදනවා ටෙස්ට්ටෙස්ටරෝන් කෘතිමව ලබාදීම නිසා සොබාවික ටෙස්ට්ටෙස්ටරෝන් නිෂ්පාදනය අඩු වීමත් තවද සරු බාවය අඩු විමටත් මග පාදනවා.

ටෙස්ට්ටෙස්ටරෝන් හෝමෝනය සීරුරේ සොබවිකවම වැඩි කරගන්න පුළුවන් සමහර ආහාර පාන වර්ග තියනව.
1.මිදී 
2.ටුනා මාළු 
3.සුදු ලුණු 
4.ගෝවා 
5.දෙළුම් 
6.මීපැණි 
7.කිරි 
8.බිත්තර