සප්ලිමන්ට් වලට LOOSE MOTION හැදෙන්නේ ඇයි ?

සුබ දවසක් සහෝදර වරුනි... කට්ටිය සියලු දෙනා සුවෙන් සැපෙන් කියල හිතනවා.ඔන්න ළමයි අද අපි කතා කරන්න හිතුවේ තවත් කට්ටිය ගොඩකට තියන ප්‍රශ්නයක් ගැන. හුගක් අය කරලා අහන ප්‍රශ්නයක් තමයි සමහර වෙලාවට සමහර සප්ලිමන්ට් බාවිතා කරද්දී loose motion හැදෙනවා කියන එක.සිංහලෙන් කියනවා නම් බඩ බුරුලෙන් මළපහ පිටවීම.

මේක ඇත්තටම හුගක් හොද ප්‍රශ්නයක් මේක මම හිතන්නේ සප්ලිමන්ට් බවිතා කරන හුගක් අයට තියන ප්‍රශ්නයක් මේක. මචන්ලා අපි ඔක්කොටම වගේ එක පාරක් හරි මේ සීන් එක වෙලා තියනව මොකද මම අත්දැකීමෙන් කියන්නේ.මම හිතන්නේ හුගක් අයට් මේ ප්‍රශ්නේ ඇති.මේකට ඇත්තටම හේතු කීපයක් තියනව. අපි බලමු මොනාද මේ හේතු කියල
සාමාන්යෙන් අපි මාර්ස් ගෙනර් එකක් හරි එහෙම නැත්නම් නැත්නම් වේ ප්‍රෝටීන් එකක් හරි බවිත් කරනකොට අසාමාන්‍ය ව්දියට මල පහ පිටවෙනවා නම් එකියන්නේ ඒ සප්ලිමන්ට් එක හෝ එහෙම නැත්තනම් අපේ සිරුරේ හෝ යම් කිසි ගැටළුවක් තියනව.අපි එහෙනම් සහෝදර වරුනි බලමු මොන නිසාද මේ වගේ කියල.....

1.අතුරු අබාධ නිසා උදරයේ පිරුණු සොබාවයක් ගැනීම හෝ අතීසාරය/පාචන තත්ත්ව.

ටිකක් බය හිතෙනවා වගේ නේද...මම පැහැදිලි කරන්නම්.සමහර අයට ජානමය වශයෙන්ම කිරි වගේ දේවල් අසාත්මික වෙන්න පුළුවන්.මේක හරියට නිකන් කස්ටිය දැකල තියනව නේද ඔය ඉස්සෝ ,දැල්ලෝ, එහෙම නැත්තනම් හරක් මස් වගේ දේවල් වලට අසාත්මික කට්ටියව.අන්න ඒවගේම තමා මේකත් ඒ අය කිරි මිශ්‍ර අහර වලට අසාත්මික තාවයක් දක්වනවා.හැබැයි මෙහෙම අයට පොඩි කලේ ඉදන්ම කිරි මිශ්‍ර දේවල් ගන්න බැරි නිසා එයාලට එක අදුන ගන්න ලේසි.
හැබැයි හුගක් වෙලාවට මෙහෙම වෙන්නේ ඔයාල ගන්න ප්‍රෝටීන් ප්‍රමණය වැඩි වෙන නිසා වෙන්නත් පුළුවන්.
ඒ වගේ අපි සප්ලිමන්ට් එකක් ගනිද්දී ගන්න ඕන හොදට අහල දැනගන්න ඕනේ.මොකද අධික විදියට වේ ප්‍රෝටීන් අපි සිරුරට එකතු කරගත්තොත් උදරයේ පිරුණු සොබාවය,බඩ බුරුලෙන් මලපහ පිටවීම,බඩේ ගෑස් තත්ත්ව වගේ ඇති වෙන්න පුළුවන්.

2.අධික වශයෙන් ප්‍රෝටීන් ලබා ගැනීම.
හරි ලමයි මේක තමයි අනිත් කරණය.අපි පොඩ්ඩක් සර්ච් කරලා බැලුවොත් කයවර්ධ්නය ගැන හැම සයිට් එකකම අපිට බලන්න පුළුවන් අනත්ත්වත් වේ ප්‍රෝටීන් වර්ග.පුළුවන් තරම් අපේ ඔලුවලට ඔබන්න හදන එකම දේ තමයි දවසට පුළුවන් තරමක් ප්‍රෝටීන් ගන්න ගන්න ගන්න.ඕක තමයි කට්ටිය කියන්නේ.හොද කෑම වේලක් ගැන හොද විදියේ සෙල්ලම් කිරීමක් ගැන හොයන්න පට්ට අමාරුයි.එක නිසා රැවටෙන්න එපා වේ ප්‍රෝටීන් ඕනේ තමා ඒ උනාට කොයි වෙලාවකවත් අනවශ්‍ය විදියට වේ ප්‍රෝටීන් බවිත කරන්න පෙලබෙන්න එපා.මොකද අපි කොච්චර වේ ප්‍රෝටීන් ගත්තත් පැයකට වේ ප්‍රෝටීන් ග්රෑම් 5-9ත් අතර පරමනයක් තම ජීර්ණය කරන්නේ.

3.සප්ලිමන්ට් එකේ තියන කබෝහයිඩ්රේට් එක නිසා.
හිතන්න ඔය මාර්ස් ගෙනර් එකක් බාවිතා කරනකොටත් ඔයාට බඩේ අජීර්ණ තත්වයක් ඇති වෙනවා කියල.එහෙම වෙන්නේ හුගක් වෙලාවට කබෝහයිඩ්රේට් එක නිසා වෙන්න පුළුවන්.මොකද අධික තන්තු ප්‍රමාණයක් සහිතව දියරමය වශයෙන් කබෝහයිඩ්රේට් එකක් අපි සිරුරට ලබා දුන්නොත් අනිවා එක අවශෝෂණය කරගන්න අමාරු වෙන්න පුළුවන්.එහෙම උනාම අනිවාර්යෙන් බඩ විරේඛ වෙන්න පුළුවන්.සප්ලිමන්ට් එක හොද උනත් අනිවාර්යෙන් ගන්න ඕන විදිය හරියට බලන්න ඕනේ මොකද කිව්වොත් මම හැමවෙලේම කියනව වගේ සප්ලිමන්ට් එකේ ප්‍රින්ට් කරලා තියන විදියට බාවිතා කරන්න එපා.හොදට දන්නා කෙනෙක්ගෙන් ආහල බාවිතා කරන්න.

4.සප්ලිමන්ට් එකේ අන්තර්ගත බැර ලෝහ නිසා 
මෙන්න මේක තමයි සහෝදරවරුනි හුගක් වැදගත්ම සහ හුගක් බයානකම කාරණය.සමහර පරේක්ෂකයින් සමහර සප්ලිමන්ට් විද්‍යාත්මකව පරික්ෂා කරද්දී හොයාගත්ත දෙයක් තමා දැනට බාවිතා වෙන සප්ලිමන්ට් හුගක් ඒවගේ බැර ලෝහ අන්තර්ගතයි කියන එක.බැර ලෝහ කියල කියන්නේ ලෙඩ් ,අසනික් කැඩ්මියම් වගේ ජීර්ණය නොවන සිරුරට අධික විෂ සහිත ලෝහ .මේවා සිරුරේ හුගක් එකතු වීම අතිශය විෂදායකයි.සප්ලිමන්ට් නිපදවීමේදී රසකාරක සදහා මේ බැර ලෝහ බාවිතා කරනව.මේවා හුගක් සිරුරට එකතු උනාම අනිවාර්යෙන් ජීර්ණ ප්‍රශ්න ඇති වෙලා බඩ විරේක වෙන්න තියන ඉඩ කඩ හුගක් වැඩි.එකට කරන්න පුළුවන් දෙයක් විදියට මම නම් දකින්නේ ගන්න සප්ලිමන්ට් එක හොද BRANDED ආයතනයක සප්ලිමන්ට් හැමවෙලේම ගන්න ඒවගේම අලුත් එකක් ගන්නවා නම් පුළුවන් තරම් හොයල බලල ගන්න කියන එකත් කියන්න ඕනේ.

Body-Engineers Sri Lanka