මොනාද මෙ ENERGY සප්ලිමන්ට් කියන්නෙ??

කට්ටිය සුවෙන් සැපෙන් ඇති කියල හිතන්ව.... අදත් ඔන්න අලුත් මාතෘකාවක් එක්ක අපි අවා ඔයාලව හම්බෙන්න... අද අපෙ මාතෘකාව තමයි මොනාද මෙ pre-workout කියන්නෙ කියන එකයි... කෙසෙ හො වෙවා.මෙකත් අපෙන් හුගක් අය ඉල්ලපු පොස්ට් එකක් ඔන්න එහෙනම් අපි අද කතා කරන්න හිතුව මෙක ගැන...

සාමන්‍යෙන් අපි සප්ලිමන්ට් වර්ග ප්‍රදාන කොටස් තුනකට බෙදනව...
- Pre-workout supplements (සෙල්ලම් කරන්න කලින් බවිතා කරන)
- Post workout supplements (සෙල්ලම් කරල ඉවර වෙල බවිතා කරන )
- Intra-workout supplements (සෙල්ලම් කරන අතර තුර බවිතා කරන)

දැන් කස්ටියට තෙරෙනව ඇති pre-workout supplements කියන්නෙ සෙල්ලම් කරන්න කලින් ගන්න සප්ලිමන්ට් වර්ගයක් කියල... අපි බැලුවොත් මෙ කාන්ඩයට හුගක් වෙලාවට අයිති වෙන්නේ energy සප්ලිමන්ට් තමයි...තව ඇමයිනෝ අම්ල,Bcaa සප්ලිමන්ට් වර්ගත් සෙල්ලම් කරන්න කලින් ලබාගන්නව.....

දැන් අපි බලමු මොකද්ද මෙ එනර්ජි සප්ලිමන්ට් කියන්නෙ කියල....
අපි කලින් කිව්ව pre-workout කියන කාන්ඩයට හුගක් වෙලවට අයිති වෙන්නෙ මෙන්න මෙ කියන energy සප්ලිමන්ට් කියල...energy සප්ලිමන්ට් කියන්නෙ...අපෙ සිරුරේ ශක්තිය සුලු වෙලවකට වැඩි කරල දෙන සප්ලිමන්ට් එකකට....

එ කියන්නෙ...හිතන්නකො මෙහෙම...ඔන්න අපි දැන් අපෙ වැඩ ඉවර වෙලා හවස ගෙදර ඇවිත් ජිම් එකට යන්න ලෑස්ති වෙනව....කට්ටිය දන්නවනෙ වැඩ කරල එනව කියන්නෙ හුගක් වෙලාවට බාගෙට මැරිල එන්නෙ...ඔය වෙලාවට ජිම්‍ යනව කියන්නෙ ඉතින් අයෙ වෙන ඔනෙ නැහ...අනික ජිම් ගියත් හුගක් වෙලා සෙල්ලම් කරන්න අමාරුයි මොකද මහන්සි වැඩි නිසා අන්න ඔය වෙලාවට තමයි energy සප්ලිමන්ට් එන්නෙ...සමාන්‍යයෙන් සෙල්ලම් කරන්න පැය 1/2 කලින් අපි energy සප්ලිමන්ට් එකක් ගත්ත කියන්නෙ අපේ මානසික එකාග්‍රතවයෙ ඉදන් ශක්තිය දක්වා ලොකු වැඩි විමක් තියනව...කෙසෙ හො වෙවා...ඔකට ජිම් වල හොද කතාවක් කියනවා...."මම අර energy එක ගැහුව....කියල වැඩක් නැහ බන් යකඩ කන්න පුලුවන්..." දැන් කට්ටිය බලනව ඇති මූ මෙ වැඩි කරල කියනවද කියලා...නැහැ සහොදර වරුනි ....බොරු වගේ නම් ගහපු කෙනෙක් ගෙන් අහල බලන්න...සුපිරිම තමා...

දැන් කස්ටිය බලනව ඇති අපෙ ඇගෙ නැති ශක්තියක් කොහොමද එහෙම සප්ලිමන්ට් එකකින් හදන්නෙ කියල...නැහැ මචාල අපේ ඇගේ තියන ශක්තියම තමා පොඩ්ඩක් වැඩි කරල දෙන්නෙ...සමාන්‍යෙන් ඔනම energy එකක ප්‍රධාන අමුද්‍රව්‍ය තුනක් තියනව..
- Caffeine 
- Creatine monohydrate
- Vitamins and amino acids 
Caffeine කියන්නෙ ඕනම energy සප්ලිමන්ට් එකක ප්‍රධාන අමුද්‍රව්‍ය...මෙකෙන් තමයි මම අර කලින් කිව්ව මානසික එකාග්‍රතවය ලබාදෙන්නෙ...ඊට අමතරව ශක්තිය වැඩි කිරිමකුත් කරනව...
අනිත් අමුද්‍රව්‍ය තමයි ක්‍රියෙටින් කියන්නෙ ඔක ඉතින් පුදුම වෙන්න දෙයක් නැහ..මොකද හෙතුව කායවර්දනයෙ ශක්ති වර්ධක පියා වෙන්නෙ මෙන්න මේ කියන ක්‍රියෙටින් තමා...

විටමින් සහ ඇමයිනෝ අම්ල ගැන කතා කලොත් ප්‍රධාන විටමින් ලෙස විටමින් B12,B6,C වගේ දෙවල් බාවිතා කරනව...මීට අමතරව...Beta-Alanine,L-Citrulline,L-Carnitine වගේ ඇමයිනෝ අම්ල අන්තර්ගත වෙනවා. 

මෙම සංඝටක මගින් වැඩි වේලාවක් මහන්සියකින් තොරව ක්‍රීඩා කරන්න ඉඩ සලස්වල දෙනව...

සමාන්‍යයෙන් energy කියන එවා ඔනෑම ක්‍රිඩකයෙකුට බවිතා කරන්න පුලුවන්..උදාහරනයක් විදිහට කියනව නම් මෙක හුගක්ම ජනප්‍රියයි රගර්,ෆුට්බොල්,මලල ක්‍රීඩා කරන අය අතර...මීට අමතරව බයිසිකල් පැදීම වැනි තරග වලට සහබාගි වන අය අතරත් මෙක හුගක් ජනප්‍රියයි...
සමාන්‍යයෙන් මේවගෙ අතුරු අබාධ නැහැ නමුත් මෙම energy වර්ග හොදට තොරා බලල ගන්න ඔනෙ..මොකද jack 3D වගේ energy වර්ග වල සිරුරට අධික විශ සහිත දෙවල් අන්තර්ගත වු නිසා රටවල් කිපයක තහනම් කිරිමකටත් ලක් උනා...

මීට අමතරව අධික රුධිර පීඩනය,හද්‍යාබාධ හො හර්ද අශ්‍රිත රොග තියන අය මේව බාවිතා කිරිමෙන් වැලකී සිටිය යුතුයි...

අනිත් කාරනය තමයි අධික මාත්‍රාවෙන් මෙක ගන්න හොදම නැහැ...
නිදා ගන්න පැය 3-4ක් විතර තියල මේක ගන්න එකත් හොදම නැති දෙයක් මොකද නින්දට අපහසුතා ඇති වෙන්න පුලුවන්...

ලංකාවෙ හුගක්ම ජනප්‍රිය energy වර්ග විදියට C4 සහ NO-EXPLODE හදුන්වන්න පුලුවන්....

Body-Engineers Sri Lanka