Size සහ Pump අතර වෙනස..

ආයුබොවන් කිව්ව.. කොහොමද අද පොස්ට් එකෙ මාතෘකව වෙන්නෙ කට්ටිය හැමතිස්සෙම මගෙන් අහන ප්‍ර්ශනයක් සම්බන්දව "pump වෙන්න සප්ලිමන්ට් නැද්ද, pump වෙන සප්ලිමන්ට් කොයි වෙලාවටද ගන්න ඔනේ?" ඔන්න ඔය වගෙ ප්‍රශ්න.. ඇත්තටම කට්ටිය සෑහෙන්න පටලවගෙන ඉන්නෙ... සයිස් වෙන එකයි පම්ප් වෙන එකයි දෙකක්..

සයිස් කරන්න එක කියන්නෙ අපි කාබොහයිඩ්‍රටෙ ප්‍රෝටීන් වගෙ දේවල් දීල දීර්ඝ කාලීනව මාංශපේශි වර්ධනය කිරීමක්. හැබැයි පම්ප් කරනව කියන්නෙ ටිකක් තාවකාලික දෙයක් මෙතනදි ඇත්තටම වෙන්නෙ මාංශපේශී වලට ගමන් කරන රුධිර නාල විශාල වෙලා මසල්ස් වලට ලේ ගමනාගමන වැඩි කිරීම. එහෙම උනාම වෙන්නෙ සෛල වලට වැඩිපුර රුධිර එකතු වීම් නිසා සෛල ලොකු වෙනව මේක අපි සෙල්ලම් කරන වෙලාවට තමා වෙන්නෙ. මේක සාමාන්‍යෙන් ඕනම කෙනෙක් සෙල්ලන් කරද්දි වෙනව. හැබැයි සමහර ප්‍රී වර්කවුට් සප්ලිමන්ට් වලින් මේ ක්‍රියාව වැඩි කරනව. ඉතින් සෙල්ලම් කරද්දි මසල් එක ඩබල් සයිස් වෙලා පේනව. එහෙම උනාම ලැබෙන ප්‍රතිලාභ දෙකක් තියනව..

1.අපිව නිකන්ම ධෛර්‍යමත්(mortivate) වෙනව තව තවත් සෙල්ලම් කරන්න.( ගහන්න ගහන්න සයිස් වෙනවනම් කවුද බන් සෙල්ලම් නොකර ඉන්නෙ ;) )

2.මාංශපේශි සෛල වලට රුධිර ගමනාගමනය වැඩි වෙන නිසා සෙල්ලම් කරාට පස්සෙ සප්ලිමන්ට් එකක් ගන්නව නම් එක හොදට ඇගට අල්ලනව..

තව දෙයක් තියනව මෙක තාවකාලිකයි ගෙදර ගියාම ජිම් එකෙ තිබ්බ ඇග නෑ.. පම්ප් වෙන එකේ තියන හොදේ මම අර උඩ කියපු දෙක තමා.. මේ පම්ප් කිරීමට යොදා ගන්නෙ බීටා ඇලනීන්,ක්‍රියෙටින් සහ වෙනත් ඇමයිනො අම්ල..

එහෙනම් සහෝදර වරුනි අපි ගියා..පොස්ට් එක හොද නම් ලයික් පාරක් දාල නොදන්න කෙනෙක්ට බලන්න ශෙයර් පාරක් දාන්න.කට්ටියටම සුබ රැයක්..

Body-Engineers Sri Lanka