Muscles Gain කරන්න හොද Tips ටිකක්.

1.පලවෙනි දේ තමයි ඔයාලගේ මාංශපේශි  වර්ධනයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සිරුරට ලබාදෙන්න. සාමාන්‍ය සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් ගණන් හදන්නේ ඒ ඒ කෙනාගේ බර අනුව වෙනස් වෙනවා. ඒ නිසා බර අනුව සුදුසු ප්‍රෝටීන් ප්‍රමාණය ලබාගන්න. 

2. ඔයාලට ලොකු වර්ධනයක් අවශ්‍ය නම් ලොකුවට කන්න . මෙහෙම හිතන්න කෙනෙක්ට අඩු කාලෙකින් ලොකු වර්ධනයක් බලාපොරොත්තු වෙනවා කියල. එහෙනම් එය අනිවාර්යෙන් හොදට කන්න ඕනේ තියන හොදම උපදේශය තමයි කොයි වෙලාවකවත් පැය 4කට වඩා බඩගින්නේ ඉදල ජිම් යන්න එපා. මොකද එක කිසිම විදියකින් සාර්ථක ක්‍රමයක් නෙමේ. (අඩුම තරමේ කැලරි 1200ක මිල් 3ක් වත් දවසට කන්න.)

3.රෙස්ට් කරන දවසට සහ කෑම වේල් අතර සප්ලිමන්ට් පාවිච්චි කරන්න. Mass Gainers සහ BCAAS වගේ සප්ලිමන්ට් හරියට පාවිච්චි කලොත් ඔයාලට හුගාක් හොද ප්‍රතිපල ගන්න පුළුවන්.

4.අඩුම තරමේ දවසට පැය 8ක් වත් නිදා ගන්න. කට්ටියට කොච්චෙර කිව්වත් තේරෙන්නේ නැ නින්ද කොච්චර වැදගත් ද කියන එකහොදට තේරුම් ගන්න සහෝදරවරුනි අපි නිදා ගන්න වෙලාවට තමයි අපේ සිරුරේ අලුත් වැඩියා කටයුතු සියල්ල සිද්ද වෙන්නේ. එක නිසා කෑම බිම වගේම සෙල්ලම් කරන එක වගේම නින්දත් අනිවාර්යයි.

5.සෙල්ලම් කරන ව්‍යායාම ප්‍රමාණය අඩු කරලා ත්‍රිවතාව වැඩි කරන්න.
හුගක් කට්ටිය ප්‍රධාන වැරදි 3 කරනවා
i .එක workout එකකට ඕනෑවට වඩා වැඩි රෙප්ස් ප්‍රමාණයක් සෙල්ලම් කිරීම.
ii.ඇගට දැනෙන weight එකක් බාවිතා කරලා ව්‍යායාම නොකිරීම.
iii.සෙට්ස් අතර වැඩි rest කාල සීමාවක් ලබා ගැනීම.
මේ වගේ වැරදි කට්ටිය gym එකේදී කට්ටිය කරනවනම් ඒ වැරදි හදාගෙන යමු.

6.හොද මේදය ප්‍රමාණවත් තරම් බාවිතා කරන්න.
අපේ සහෝදරවරු මේදය කියල කිව්වම අනවශ්‍ය බයක් ගන්නවා. අපෝ fat එක කියල. ඇත්ත අපි ෆැට් එකට බය ඕනේ. එත් කට්ටිය තියාගන්න healthy ෆැට් එහෙම නැත්තන් අත්‍යවශ්‍ය මේද අම්ලත් සිරුරට ඕනේ. එක නිසා ෆැට් එක ලබා ගැනීමත් අනිවාර්යයි. සිරුරට හිතකර මේද අම්ල තියන කෑම තමයි අලිගැට පේර,ඔලිව් තෙල්,සොබාවික ධාන්‍ය වර්ග වගේ දේවල්.

7.කකුල් වලට සෙල්ලම් කරන දවස මගහරින්න එපා.
කොච්චර කිව්වත් නම් අපේ අය්යල අහන්නෙම නැ. හොදට තේරුම ගන්න කකුල් වලට සෙල්ලම් කිරීම අනිවාර්යෙන් කරන්න ඕනේ.

8.gym යන්න යාලුවෙක් සෙට් කරගන්න.
මේකෙන් ඔයාල gym යන්න තියන කම්මැලි කම නැති කරගන්න පුළුවන්.එවගේමයි ඒ යාලුවට කියන්න සෙල්ලම් කරන වෙලාවට හොදට ඔයාව motivate කරන්න කියල.

9.හරියට දැනගෙන සප්ලිමන්ට් බාවිතා කරන්න.
ලංකාවේ කට්ටියගේ වැරද්දක් තමයි gym එකේ අය්යා කියන සප්ලිමන්ට් එක ගන්න තියන නැබුරුව.gym එකේ අය්යා වත් සප්ලිමන්ට් ෂොප් එකේ අය්යා කියන එකවත් නෙමේ තමන් හොයල බලල තේරුම් අරන් තමන්ට ගැලපෙන සප්ලිමන්ට් එක මොකද්ද කියල අන්න එක ගන්න.

10.අඩුම තරමේ සතියකට එක දවසක් වත් හොදට රෙස්ට් කරන්න.
හොදට මතක තියාගන්න හැමදාම සෙල්ලම් කලා කියල ඇගවල් හැදෙන්නේ නැ.එක නිසා විවේක ගැනීමත් අනිවාර්යයි.

ඔන්න එහෙනම් පොස්ට් එක ඉවරයි. අපි ගියා. පොස්ට් එක හොද නම් කියවල කෙනෙක්ට බලන්න share කරන්න.



Body-Engineers Sri Lanka