
සාමාන්‍යයෙන් අපි සෙල්ලම් කරණ වෙලාවට අපී ඇගේ තියන පෝෂ්‍යය පදාර්ථ වැය වීමක් තමා වෙන්නේ. තව ටිකක් පැහැදිලි කරන්නම්. ඔයාල දන්නවනේ අපි කරන හැම ක්‍රියාවකටම ශක්තිය ඕනේ කියලා ඉතින් මේ ශක්තිය අපිට ලැබෙන්නේ අපි ගන්න කාබෝහයිඩ්රේට් වලින්. කාබෝහයිඩ්රේට් සිරුර තුලදී ග්ලුකෝස් බවට පරිවර්තනය වෙලා ඒ ග්ලුකෝස් ශක්තිය බවට පත්වීමක් තමා වෙන්නේ.
දැන් බලමු අපි Anabolic එකක් සෙල්ලම් කරන්න කලින් ගත්තම මොකද වෙන්නේ කියල.ඔයාල හැමෝම දන්නවා Anabolic එකේ වැඩියෙන්ම තියෙන්නේ කාබෝහයිඩ්රේට් කියල. එක ස්කුප් එකක කබෝහයිඩ්රේට් 64g වගේ තියනවා.
අපි සෙල්ලම් කරලා ඉවර වෙච්ච වෙලාවට සහ සෙල්ලම් නොකර ඉන්න වෙලාවට මේ කාබෝහයිඩ්රේට් සහ අනිත් පෝෂ්‍ය පදාර්ථ සිරුරට ලැබුනම වෙන්නේ ඒවා ගබඩා වීමට සහ නැවත ප්‍රතිසංස්කරණ කටයුතු වලට යොදවනව.එත් අපි සෙල්ලම් කරන්න ගන්න කලින් Anabolic අරන් තිබ්බොත් එක සිරුරෙන් අවශෝනය කරලා සිරුරේ ග්ලුකොස් සහ අනිත් පෝෂ්‍ය පදාර්ථ වල සාන්ද්‍රණය ඉහලයි ඉතින් ඔයා සෙල්ලම් කරන්න පටන් ගන්න කොටම ඔයාගේ ලේ වල තියන පෝෂ්‍ය පදාර්ථ සංයුතිය ඉහල නම් ඔයාට අවශ්‍ය ශක්තිය ලබාගන්න ඒ පෝෂ්‍ය පදාර්ථ යොදා ගන්නවා.කෙටියෙන් කියනවනම් ඔයා සෙල්ලම් කරන්න කලින් ගත්ත Anabolic එකන් තම ඔයාට සෙල්ලම් කරන්න අවශ්‍ය ශක්තිය සපයන්නේ.
ඉතින සෙල්ලම් කරලා ඉවර වෙද්දී ගබඩා කරන්න හෝ ප්‍රතිසංස්කරණ කටයුතු වලට ප්‍රමාණවත් පෝෂ්‍ය පදාර්ථ ඉතුරු වෙන්නේ නැ .කොටින්ම සෙල්ලම් කරන්න කලින් ගත්ත Anabolic එක ,කිසිම වැඩක් නැතුවම වැය වෙලා. දැන් කට්ටිය තේරුම් ගන්න ඇති කියල හිතනවා.
Body-Engineers Sri Lanka





