Bodybuilding ආශ්‍රිත ලෙඩ රෝග ජිම් යන අය අනිවා දැනුවත් වෙන්න

Bodybuilding ආශ්‍රිත ලෙඩ රොග සම්බන්දව. ඇත්තට කායවර්ධනයෙත් අනිත් ක්‍රීඩා වගෙම ලෙඩ රොග තියනව. මේව හුගක්ම ඇති වෙන්නෙ අපෙ නොදැනුවත් කම නිසා. එක අවම කරගන්න එක තමා අපි කරන්න ඔනෙ. ගොඩක් අය ක්‍රිඩවට එනවට වඩා ඉකමනට යනව. මොකද හෙතුව ලොකු බර දාල මුල් කාලෙ සෙල්ලම් කරනව පස්සෙ ඉතින් රටෙ නැති ලෙඩ. මේක ක්‍රිඩාවෙ අවුලක් නෙමෙ. කස්ටියගෙ හිතන පතන විදියෙ අවුලක්. ප්‍රදානම දේ මෙකයි කට්ටිය මතක තියාගන්න උස්සන බර ප්‍රමානය නෙමෙ වැදගත් කරන ක්‍රම වේදය නිවැරදිව කරන එකයි වැදගත්.

1.හර්නියා.
මේක ඇත්තටම වෙන්නෙ උදර පෙශි ශක්තිමත් නැති නිසා උදර කුහරයෙ තියන බඩ වැල් උදර පෙශි ඔස්සෙ ඉදිරියට නෙරා එම. අපි බර උසුලනකොට නිවැරදි තාක්ශනික ක්‍රම අනුගමනය නොකිරිම, දැරිය නොහැකි බරක් ඉසිලීම, උදර පෙශි ශක්තිමත් නොවීම, නිවැරදි ආකාරයට හුස්ම නොගැනීම හර්නිය වලට හේතු විදියට පෙන්වන්න පුලුවන්. වලක්වගන්න කරන්න තියෙන්නෙ abbs වලට හොදට සෙල්ලම් කරන එක. මෙතනදි වැදගත් වෙන්නෙ abbs එලියට පනින එක නෙමෙ.  එවගෙ ශක්තිමත් බාවය තමා. අනිත් ප්‍රදානම දේ නිවැරදි තාක්ශනික ක්‍රම බාවිතය.තව තමන්ට පුලුවන් බරක් එසවීමත් අනිවර්යෙන් කරන්න ඔනෙ.

2.සන්ධි රිදීම්.
සමහර අයට දැනටමත් ඇති මේ ගැටලුව. සමහර වෙලාවට දරාගන්න අමාරු වේදනාවක් සන්ධිවලින් ඇති වෙනව්. මෙකට හේතුව ඇවිල්ල හොද විවේකයක් ගන්නෙ නැති එක. මොකද කාටිලේජ ප්‍රතිස්තාපනය වෙන්න ප්‍රමානවත් නින්දක් අනිවාර්‍යයි. අනිත් දේ තමා දැරිය නොහැකි බර ඉසිලීම.මෙතනත් අර දේම තමා. තමන්ට පුලුවන් බරක් උසුලන එක තමයි හොදම දෙ. මේකට කරන්න පුලුවන් දෙයක් තමයි හොද multivitamine එකක් පාවිච්චි කරන එක.

3.ආතරයිටිස්.
කකුල් වලට සෙල්ලම් කරන්නෙ නැති කට්ටියට කියන්නෙ වයසට ගියාම කකුල් පරිස්සම් කරගන්න ඔනෙ නම් අනිව හෙට ඉදන් කකුල් වලට ගහපල්ල. දනිස් වල තියන කාටිලෙජ දියවීම නිසා තමා මේ කෙ වෙන්නෙ. අනික ප්‍රමානවත් විවේකයක් ගැනීමත් අනිවාර්‍යයි.සෙල්ලම් නෑ පුතෙ වේදනාව පට්ට දරුනුයි මෙක හැදුනොත් නම්.

4.වයසට වඩා වැඩි පෙනුමක් ලැබීම
මේකට හෙතුව වෙන්නෙ අපි සෙල්ලම් කරද්දි පරමානුක ඔක්සිජන් ඇග ඇතුලෙ නිදහස් වෙනව. මේව නිසා තමයි සමට ගොඩක් වසය පාටක් එන්නෙ.ප්‍රමානවත් වතුර පානය නොකිරිම එක හේතුවක්. මෙකට කරන්න පුලුවන් දෙයක් විදියට ප්‍රතිඔක්සිකාරක වැඩි multivitamin එකක් ගන්න එක කියන්න පුලුවන්. දැනට ඔය ටික තමා සහොලා කියන්න තියෙන්නෙ එහෙනම් අපි ගියා. පොස්ට් එක හොද නම් like එකක් දාල comment එකකුත් දාගෙනම යන්න.

Body-Engineers Sri Lanka