
එහෙනම් බලමුද මොනාද අවශ්‍ය ද්‍රව්‍ය කියලා
1.ඕට්ස් ග්‍රෑම් 400 (ඕට්ස් ෆුඩ්සිටි වලින් මිලදීගන්න පුළුවන්)
2.රට කජු බටර් ග්‍රෑම් 340
3.පොල් කිරි මිලි ලීටර් 250යි
4.BPI BULK MUSCLE scoop 6යි (සප්ලිමන්ට් ෂොප් වලින් ගන්න පුළුවන්)
හරි බලමු එහෙනම් හදා ගන්නේ කොහොමද කියල
01.මුලින්ම ලොකු බාජනයක් අරගෙන පොල් කිරි මිලි ලීටර් 250 බාජනෙට දාල හොදින් බීට් කරගන්න (විනාඩි 2ක් විතර)
02.ඊට පස්සේ එකට BPI BULK MUSCLE scoop 6 දාලා හොඳට කවලම් කරන්න. මතක තියාගන්න කැටි ගැහෙන්න දෙන්න එපා.
ඔයාලට බීට් කරගන්න පුළුවන් නම් ගොඩක් හොදයි.
03.ඊට පස්සේ රට කජු බටර් ටික එකට දාල හැන්දකින් හොදට කවලම් කරන්න.
04.ඊට පස්සේ ඕට්ස් ග්‍රෑම් 400 දාල හොදට අත් වලින් අනන්න. ටිකක් වෙලා අනනකොට ලොකු මොලියක් හැදෙනවා.
05.ඊට පස්සේ මේක අරගෙන තැටියක තුනී කරලා ෆ්‍රිජ් එකේ දාල අඩුම තරමේ පැය 2-3ක් තියන්න.
06.ඊට පස්සේ එලියට අරගෙන ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට කැලි කපාගන්න.
දැන් තියනවා ඔයාල ගෙදරදීම හදාගත්ත ප්‍රෝටීන් බාර්. ඔයාලට පුළුවන් සෙල්ලම් කරලා මේක කන්න. සප්ලිමන්ට් ශොප් වලින් අස්ප ගණන් දීල ගන්න ප්‍රෝටීන් බාර් වලට වඩා මේක හුගක් හොදයි
Body-Engineers Sri Lanka





