ලංකාවේ සප්ලිමෙන්ට් පිලිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් මෙන්න සප්ලිම්නට් ගත්ත අය අනිවා මේක බලන්න

ක්‍රීඩකයන් හා කාය වර්ධනයේ නිරත වන්නන් වැඩි වශයෙන් භාවිතා කරනා අතිරේක ශක්ති ජනක පිටි වර්ගයක  නිෂ්පාදිත කාලය ලෙස දැක්වෙන්නේ 2014 වසරේ නොවැම්බර් මාසයයි.

නිෂ්පාදනයේ සිට මාස 15 ක කාලයක් මෙය භාවිතා කළ හැකි බව ඇසුරුමෙහි දක්වා තිබෙනවා.

ඒ අනුව මෙම ශක්ති ජනක පිටි වර්ගය 2016 වසරේ පෙබරවාරි මාසය වනවිට කල් ඉකුත් වී අවසන්.

එහෙත් නුගේගොඩ ගබඩාවක් තුලදී හොර රහසේ නිෂ්පාදිත දිනය තිනර් යොදා මකමින් නව නිෂ්පාදිත දිනයක් අලවන බවට හිරු CIA වෙත තොරතුරක්
ලැබුනා.

ආරක්ෂිත කැමරා පද්ධති කොතෙක් තිබුනද ඒ සියල්ල පරදා මෙහි සිදුවන වංචාව හිරු CIA  රහසිගත කැමරාවේ  සටහන් කර ගැනීමට හැකිවී තිබෙනවා.

තොරතුරු සියල්ල තහවුරු කර ගත් CIA නිරීක්ෂකයන්  මෙම ස්ථානය වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ වැටලීම් අංශයට භාරකර ඇති බව සදහන්.