ගොඩක් තරබාරු කට්ටියගෙ ඇග අඩු කරගන්න ටිප්ස් ටිකක්

1.සීනි පාවිච්චිය නතර කරන්න
කට්ටිය  දන්නව ඇති සීනි කියන්නෙ කොහොමවත් පාවිච්චි කරන්න හොද දෙයක් නෙමෙ කියල. මහත අය විශේශයෙන් මොකද කිව්වොත් සීනි මේදය විදියට සමට යටින් තැම්පත් වෙනව කෙටියෙන් කියනවනම් තව තවත් මහත් වෙනව.

2.කෑම පාලනය
මේක ඉතින් කියන්න දෙයක් නෑනෙ. ප්‍රධානම එක මේක තමා. කට පරිස්සම් කරගන්න බැරිනම් මොන මගුලක් වත් කරන්න බෑ. හැබැයි මෙහෙම දේකුත් තියනව කෑම පාලනය ඔහෙ ආගිය අතේ කරන්නත් හොද නෑ. හොද meal plan එකක් තියෙන්න ඔනෙ. ඔය රයිස් කොත්තුවගෙ එව කනව නම් ඉතින් බඩුම තමා. කිරි බොන එකත් නතර කරන්න වෙනව. මොකද අපි බොන පිටි කිරි නිසා සෙම ටක් ගාල වැඩි වෙනව. ඔය කට්ටියට non-fat milk වගෙ ගන්න පුලුවන් නම් ගොඩ.ගාන තමා පොඩ්ඩක් වැඩි.

3.cardio අනිවාර්‍යයෙන් කරන්න ඔනෙ.
මොකද්ද මෙ කාඩියෝ කරනව කියන්නෙ? කෙටියෙන්ම කියනවනම් මෙද දහනය වන ව්‍යායාම. ඔය treadmill,bycicle,obitrack වගේම පිහිනීමත් හොද මේද දහන ව්‍යායමයක්. මෙන්න මේක මතක තියාගන්න කාඩියො කියන්නෙ එකක් weight trainingකියන්නෙ තව එකක්. මේ දෙක පටලවගන්න එප. මොකද මේ දෙකෙන් ලැබෙන ප්‍රතිපල දෙකක්.ඇග අඩුකරගන්න ඔනෙ නම් අනිවා cardio කරන්නම වෙනව.

4.weight training.
ඇත්තටම weight training කරන එකෙන් වෙන්නෙ ඇග ලස්සන කරන එක මොකද weight training කරල විතරක් ඇග අඩු කරගන්න අමාරුයි. ඔයා කෙට්ටු වෙන්න හදන කාල සීමාවෙ ඔයාගෙ weight training schedule එකත් ඒ විදියට වෙනස් කරගන්න ඔනෙ.

5.supplement.
මේක තමා වැදගත්ම දෙ. කට්ටිය හිතන් ඉන්නව නම් supplement එකක් විතරක් ගහල කෙට්ටු වෙන්න කපේට  වෙන්නෙ නැ. මොකද supplement කියන්නෙ මැජික් පෙත්‍තක් නෙමෙ. ඔයට ඇග අඩු කරන්න ඔනෙ නම් ඒකට ගොඩක් කැප වෙන්න වෙනව. supplement එකක් කියන්නෙ එකට උදව් කරන්න තියන එකක් විතරයි. අනික fat burners වගෙ දෙවල් ගනිද්දි හොද තැනකින් ගන්න අනිව මොකද අනිත් supplement වගෙ නෙමේ  මේව භයානක වැඩි.
පොස්ට් එක උදව්වක් වෙයි කියල කියල හිතනව. එහෙනම් අපි ගියා. පොස්ට් එක හොද නම් like එකක් දාල තව කෙනෙක්ට බලන්න share කරන්න.
Body-Engineers Sri Lanka