ක්‍රියෙටින් නිවැරදිව බාවිතා කරන්නේ කෙසේද?

ඔන්න සහෝදර වරුනි අද මම දෙන්න යන්නේ කට්ටිය හැමෝටම තියන ලොකු ප්‍රශ්නයක්. අපි කවුරුත් දන්නා ක්‍රියෙටින් මොනෝ හයිඩ්රේට් හරියට බාවිතා කරන්නේ කොහොමද කියන එක.

කට්ටිය හැමෝම දන්නවා ක්‍රියෙටින් කියන්නේ ඉතාම හොද සප්ලිමන්ට් එකක්. මාංශ පේශි වර්ධනයට වගේම ශක්තිය වර්ධනය කිරීමටත් මේ ක්‍රියෙටින් උපකාර වෙනවා. මේ නිසාම හුගක් ජවන හා පිටිය ක්‍රීඩා කරන කට්ටියගේ ප්‍රධන තේරීමක් තමයි ක්‍රියෙටින් කියන්නේ. ඊට අමතරව පාසල් හා professional රගර් ක්‍රීඩකයන්ගේ ප්‍රියතම සප්ලිමන්ට් එක වෙන්නේ ක්‍රියෙටින්.

ඉතින් අද මම කතා කරන්න හිතුවේ හරියට ක්‍රියෙටින් පාවිච්චි කරන්නේ කොහොමද කියන එක සහ බාවිතා කිරීමේදී සැලකිය යුතු කරුණු ගැන.

එහෙනම් අපි බලමුද
ඉස්සලම කියන්න ඕනේ ක්‍රියෙටින් ගන්න ප්‍රමාණය පිලිබදව. සාමාන්යෙන් කලින් ක්‍රියෙටින් බාවිතා කරපු නැති කෙනෙක් මුලින්ම බාවිතා කරද්දී එය load කරන්න ඕනේ. ඒ කියන්නේ ක්‍රියෙටින් ඇගට හුරු කිරීමක් වගේ දෙයක්. මේක ඇත්තටම අලුතෙන්ම ක්‍රියෙටින් ගන්න කෙනෙක් ගන්නවා නම් ග්‍රෑම් 10 වගේ තම වෙන්නේ. කියපු දේ අන්දර දෙමල වගේ නේද. එහෙනම් බලමුක පළවෙනියට ක්‍රියෙටින් use කරන කෙනෙක් කොහොමද කරන්න ඕනේ කියල

*පලවෙනි සතිය *
සෙල්ලම් කරන දවසට 
සෙල්ලම් කරන්න පැය 1/2 කලින් තේ හැදී එකයි (ග්‍රෑම් 5යි)
සෙල්ලම් කරල ඉවර වෙලා විනාඩි විස්සක් ඇතුලත තේ හැදී එකයි (ග්‍රෑම් 5යි )
සෙල්ලම් කරන්නේ නැති දවසට 
උදේ පාන්දර නැගිට්ට ගමන් හිස්බඩ තේ හැදී එකයි.(ග්‍රෑම් 5යි)
හවස තේ හැදී එකයි (ග්‍රෑම් 5යි)

*දෙවෙනි සතියේ ඉදන් *
සෙල්ලම් කරන දවසට සෙල්ලම් කරන්න පැය 1/2 කලින් තේ හැදී එකයි (ග්‍රෑම් 5යි)
දෙවෙනි සතියේ ඉදන් සෙල්ලම් කරන දවසට ගත්තම ඇති 
දැන් අපි බලමු කොජ්හොමද මේ ක්‍රියෙටින් සිරුරට හොදට අවශෝෂණය වෙන විදියට හද ගන්නේ කියල.

දන්නා කට්ටිය දන්නවා ක්‍රියෙටින් කියන්නේ සිසිල් වතුරේ දිය වෙන සප්ලිමන්ට් එකක් නෙමේ. ඔයාලට එක ටිකක් හොදට දීය කරගන්න පුළුවන් ලා රස්නේ වතුරට ක්‍රියෙටින් හැන්දක් දාල ටිකක් වෙලා දිය කරද්දී ඔයාලට පෙනෙයි ඇල වතුරේ දිය වෙනවට වඩා හොදට ල රස්නේ වතුරේ දිය වෙනවා කියල.

ඊට පස්සේ මේ දිය කරගත්ත ක්‍රියෙටින් වීදුරුවට ග්ලුකෝස් හැන්දක් දාන්න. එහෙම නැත්තන් දෙහි හෝ දොඩම් ඇර අනික් ඕනෑම පලතුරු යුෂ භාවිතා කරන්න පුළුවන්.

මේකත් එක්ක හෝම ප්‍රතිපල ගන්න නම් අනිවාර්යෙන් ප්‍රෝටීන් සප්ලිමන්ට් එකක් හරි මාස් ගෙනර් සප්ලිමන්ට් එකක් හරි බාවිතා කරන්න පුළුවන්.

සෙල්ලම් කරන පලවෙනි සතිය ඇතුලේ සෙල්ලම් කරලා ඉවර වෙලා ගන්න ක්‍රියෙටින් හැන්ද ඔයාලගේ ප්‍රෝටීන් ෂේක් එකටම දාල හොදට බ්ලෙන්ඩර් කරගත්තට කමක් නැ. මොකද කොහොම හරි වෙන්න ඕනේ හොද සිනි සහිත ක්‍රියෙටින් එක්ක ගැනීම. එහෙම උනාම ක්‍රියෙටින් ටික සිරුරට හොදට අවශෝෂණය වෙනවා.

ක්‍රියෙටින් බාවිතයේදී සැලකිය යුතු ප්‍රධාන කරුණු 
ප්‍රධාන වශයෙන්ම කියන්න තියෙන්නේ හොදට වතුර හා දියර වර්ග බාවිතා කිරීම අනිවාර්යයි. මොකද හේතුව ක්‍රියෙටින් වලින් සිරුරේ මාංශ පේශි සෛල වලට වතුර ඇතුලත් කිරීම වැඩි කරනවා. එවිට ඔයාල ප්‍රමාණවත් දියර ප්‍රමාණයක් ඔයාල ගේ ඇගේ නැති උනොත් ඔයාලගේ ඇග විජලනය වෙන්න බලනවා.
එක නිසා දල වශයෙන් ක්‍රියෙටින් බාවිතා කරන කෙනෙක් දවසට වතුර ලීටර් 3-4 ක් වත් බාවිතා කරන්න ඕනේ.
එහෙනම් සහෝදර වරුනි අපි ගිය.පොස්ට් එක හොද නම් like කරලා නොදන්නා කෙනෙක්ට බලන්න share කරන්න අමතක කරන්න එපා.
Body-Engineers Sri Lanka