මොනවද මේ රෙප්ස් සහ සෙට්ස් මසල්ස් වර්ධනය කරගන්න කොච්චර රෙප්ස් ප්‍රමාණයක් ඕනෙද?

අද මම කතාකරන්න හිතුවෙ අපෙ කට්ටිය තියන තවත් ප්‍රශ්නයක් ගැන..ඇත්තටම මෙක වෙන්න ඔනෙ තියන ලොකුම ප්‍රශ්නෙ..

කොච්චර රෙප්ස් ප්‍රමානයක් අපි සෙල්ලම් කරන්න ඔනෙද මසල්ස් වර්ධනය කරගන්න. මේක කොටස් තුනකින් සමන්විත පොස්ට් එකක්.

පලවෙනි එකෙ අපි කතා කරනව මාංශපෙශි වර්ධනය ගැන දෙවෙනි එකෙ ශක්තිය වර්ධනය ගැන තුන්වෙනි එකේ එන්ඩුරන්ස් නොහොත් දරා ගැනීමෙ හැකියාව වර්ධනය කරගැනීම ගැන..

හොදයි එහෙනම් අපි දන්නැති කට්ටියට ඉගෙන ගන්නත් එක්ක බලමුද ඉස්සල්ල මොනද මෙ රෙප්ස්,සෙට්ස් (reps,sets) කියන්නෙ කියල..
8x3 කෙටියෙන්ම කියනවනම් උඩ තියන එකෙ 8 කියන්නෙ රෙප්ස් 3කියන්නෙ සෙට්..ඔක අපි කියද්දි කියන්නෙ රෙප්ස් අටේ එවා සෙට් තුනක් කියල..

හරි එහෙනම් ඔයාල ජිම් එකේ ගොඩක් අය එක එක රෙප්ස් ගහනව දැකල ඇති 6,8,12,15,20 වගේ..මේව එකිනෙකට වෙනස්. අපි අදහස් කරගෙන ඉන්නෙ අපේ මාංශ පෙශි වර්ධන කරගන්නම් අපි බාවිතා කරන්න ඕනෙ 8-6 අතර තියන රෙප්ස්.. කොහොමද එක කරන්නෙ සාමන්‍යෙන් ඔනම ශෙඩුල් එකක් පටන් ගනිද්දි ඔයාල දැකල ඇති 12 සෙට් එකක් දාල තියනව.. 

මේ ක දාල තියෙන්නෙ warm up සෙට් එකක් විදියට..එකියන්නෙ සිරුර උනුසුම් කිරීමේ ව්‍යායාමයක් විදියට.ඊට පස්සෙයි 8වා හො 6 හෝ දාල තියෙන්නෙ.

මම හිතන්නෙ දැන් කට්ටියට පැහැදිලි ගහන්න ඔනෙ රෙප්ස් සම්බන්ධව දැන් අපි බලමු අපේ ට්‍රේනින් එකේදි කොහොමද මේක බාවිතාකරන්නෙ කියල. ඇත්තටම සහෝදරවරුනි කායවර්ධනයේ ව්‍යායම් කිරීමේ විදි දෙකක් තියනව එකක් තමයි බුද්ධිමත්ව සෙල්ලම් කිරීම අනිත් එක තමයි මහන්සියෙන් සෙල්ලම් කිරීම. ලංකාවෙ ගොඩක් අයියල සෙල්ලම් කරන්න මම දෙවෙනියට කියපු විදියට.. අන්න එකයි ප්‍රතිපල ලබා ගැනීම අමාරු අපි බුද්ධිමත්ව සෙල්ලම් කරනව නම් අපි අඩු කාලෙකින් හුගක් හොද ප්‍රතිපලයක් ගන්න පුලුවන්. අපි ට්‍රේනින් එකේදී 8 සෙට් ගහනවන්ම් ගහන්න ඔනෙ මේ විදියට අපි බරක් තොරගන්න ඔනෙ අපිට 8ක් හරියටම ගහන්න පුලුවන් විදියෙ.

එකියන්නෙ අපි ගහගෙන යනකොට 6ක් ගහ්ද්දි බර බිමින් තියනවන්ම් අපි තෝරගෙන් තියන බර වැඩී එහෙම නැත්තම් අපි 8ක් ගහල ඉවරෞනාම අපිට තේරෙනවන්ම් මෙ බරෙන් තව 3ක් විතර ගහන්න පුලුවන් කියල අන්න එතකොට අපි තොරගෙන තියන බර අඩුයි.හරියට 8ක් ගහන්න පුලුවන් සැලකිය යුතු බරක් තෝරගන්න ඔනේ.

එහෙම තෝරගෙන කොහොම්ද අපි බුද්ධිමත්ව සෙල්ලම්ක රන්නෙ.. ඉස්සල්ලම මම කියන දෙ තෙරුම් ගන්න ඔනෙ කට්ටිය..සැලකිය යුතු බරක් කියන්නෙ අපිට දත කට පූට්ටු කරන් ගහන එක නෙමෙ. හිතන්නකො අපි කර්ල් ගහනව කියල එතන්දි කට්ටිය දැකල ඇති ලොකු බරක් දාල ඉන පද්ද පද්ද ගහන කට්ටිය. එකියන්නෙ එයා බාවිතා කරන බර ප්‍රමාන බයිසෙප් (අර්ම්) මසල් එකට ඔරොත්තු දෙනෙ නෑ. ඒකනිසා එයා එයාගෙ ඉන සහ වැල මිට පද්දවල තමයි බර ඉහලට ගන්නෙ.(swing) ඔන්න ඔක මෙලෝ වැඩක් නැති දෙයක්. එකක් ලොවෙත් ආර්ම් එක හරියට වැඩ කරන්නෙ නෑ අනික කොන්ද ආබාධයට ලක් වීමෙ ප්‍රවනතාවයකුත්තියනව. සාමන්‍යෙන් කර්ල් එක ගහන විදියක් තියනවනෙ අන්න එ විදියට ගහන්න පුලුවන් උපරිම බර දාල සෙල්ලම් කරන්න. අනිත් ප්‍රධාන කරුන තමා රෙප්ස් 8 එව සෙට් 3ක් තියනව නම් එක සෙට් එකෙන් එකට බර වැඩිපුර දාල සෙල්ලම් කරන එක.
ඔය ටික තමා දැනට කියන්න තියෙන්නෙ එහෙනම් අපි ගියා පොස්ට් එක හොද නම් ලයික් එකක් දාල නොදන්න කෙනෙක්ට බලන්න ශෙයර් කරන්න.
සුබ දවසක් කට්ටියටම.


Body-Engineers Sri Lanka