ස්කොට් ගැහුවම කොට වෙනවද?

අයුබොවන් කිව්ව කට්ටියටම කොහොමද ඉතින් ..මේ පොස්ට් එක ස්කොට් එක සෙල්ලම් කලාම කොට වෙනවද කියන එක ගැන 

ඇත්තටම කිව්වොත් එක බොරු කතාවක් කියල සම්පුර්නයෙන් කියන්න බෑ හැබැයි සම්පූර්ණ ඇත්ත කියල කියන්නත් බෑ.

හරි මෙන්න මේකයි කතාව ස්කොට් එක කියන්නෙ අනිවාර්ය දෙයක් කියල කට්ටිය දන්නවනෙ. එක වැටෙන්නෙ ශක්තිය වර්ධනය කරන ව්‍යායාම ගනයට. ඒවගේම මාංශපෙශි වර්ධනයටත් ලොකු උදව්වක් මේකෙන් වෙනව. ස්කොට් එක ගහන අවුරුදු 21 අඩු කෙනෙක් නම් එයාට තියන ප්‍රශ්නෙ උස යන එක නවතීද කියන එක. ඇත්තටම ම එක පදනම් විරහිත කතාවක්. උස යන එක නවතින්නෙ නැ ස්කොට් ගැහුව කියල.

හැබැයි ඔයා හුගක් ලොකු බර දාල ස්කොට් එක ගහන්න එප නොර්මල් පොඩි බරක් දාල ස්කොට් එක ගහන්න.කරුනාකරල කියන්නෙ දැන් මම මෙහෙම කිව්ව කියල ස්කොට් එක නොගහ ඉන්න එපා. අනිව ගහන්න.

දැන් බලමු ස්කොට් එක ගහන අවුරුදු 21 ට වැඩි කට්ටිය ගැන. මෙන්න මේකයි සීන් එක කොයිම වෙලාවකවත් ස්කොට් එක ගැහුව කියල උස අඩු වෙන්නෙ නෑ ඒත් අසාමාන්‍ය බර දාල ස්කොට් එක ගැහුවොත් ඔයාලගෙ කොදු ඇට පේලිය ටිකක් වක් වෙන්න බලනව. 

මෙතන අසාමාන්‍ය බර කිව්වෙ කිලො 200,300. මම දන්නෙ නෑ ස්කොට් එකට මෙච්චර ලොකු වෙට් දාල ඔයාල සෙල්ලම් කරනවද කියල. එහෙනම් ඔයාල යෝග වගේ දෙයක් අනිවා කරන්න ඔන . මොකද එකෙන් පුලුවන් කොදු ඇට පේලියෙ නම්‍යශීලී තාවය තියාගන්න. ස්කොට් එකට අසාමන්‍ය බර දාන කෙනාගෙ කොන්ද ඇකිලෙන්න බලන්නෙ මෙන්න මෙ නම්‍යශීලිතාව නැති උනාම. නම්‍යශීලි තාව කියන්නෙ කොදු ඇට පෙලෙ ශක්තියටත් එක්ක හොදෙ.. එහෙනම් සහෝ ඔච්චර තමා කියන්න තියෙන්නෙ. ස්කොට් එක නොගහ ඉන්න එපා කියන එක මතක් කරනව. අපි ගියා කට්ටියටම සුබ රැයක්...


Body-Engineers Sri Lanka