විවේක ගැනීම අත්‍යාවශ්‍ය ඇයි? ඇඟ හදාගන්න හරියට විවේක ගන්න ඕනේ විදිය මෙන්න

අද මම කතා කරන්න හිතුව කායවර්ධනයේදි විවේකයේ තියන වැදගත් කම ගැන.. ඇත්තටම මොකද්ද අපි සෙල්ලම් කරනකොට වෙන්නෙ? එක තෙරුන් ගන්න නම් ඉස්සල්ල මාංශපේෂි පේශි වල සොබාවය තේරුම් ගන්න ඔනෙ.

මාංශපේෂි හැදිල තියෙන්නෙ සෛල වලින් කියල ඔයල දන්නවනෙ හැබැයි ඒ සෛල ටිකක් වෙනස් මේ සෛල දිග තන්තු විදියට තමයි පිලියල වෙලා තියෙන්නෙ. හරියට දිග අතට තියන නූල් මිටියක් වගේ. අපි සෙල්ලම් කරද්දී මෙ සෛල එකියන්නෙ තන්තු ඇදෙනව.
එහෙම උනාම වෙන්නෙ මේ  සෛල තුවාල වෙන එක.

උදාහරණයක් කිව්වොත් මතකද අර නූල් මිටිය හිතන්නකො ඔකෙ නූල් වල තැනින් තැන අපි පොඩ්ඩ පොඩ්ඩ කැපුව කියල අන්න ඒ වගෙ අපි සෙල්ලම් කරද්දි ඒ සෛල තුවල වෙනව. ඊට පස්සෙ අපි නිදාගන්න කොට ඒව නැවත ප්‍රති නිර්මාණය වෙනව. මේ ක්‍රියාවලිය මගින් තමයි මාංශපේෂි වර්ධනය වෙනව කියල කියන්නෙ.

ඒකියන්නෙ අපි විවේකීව ඉන්න වෙලාවට තමයි මාංශපේෂි වර්ධනය වෙන්නෙ. ඒක නිසා කායවර්ධනයේදි උසස් ප්‍රතිපල ලැබෙන්නෙ ඔයා සෙල්ලම් කරන ප්‍රමානය අනුව නෙමෙ. ඔයා විවේක ගන්න ප්‍රමානය අනුව. දැන් බලමු විවෙක නොගතහොත් මොකො වෙන්නෙ කියල. එතකොට ඔයාගෙ මාංශපේෂි සෛල වලට නැවත වර්ධනය වෙන්න කාලයක් ලැබෙන්නෙ නෑ.

එත් ඔයා එක දිගටම සෙල්ලම් කරන නිසා සෛල දිගටම තුවාල වෙනව..මේක නිසා මාංශපේෂි පටක විනාශ වෙනව මේක තමයි කායවර්ධනයේදි overtrain කියල හදුන්වනුයේ. කුලී වැඩ කරන මිනිස්සු දැකල තියනවනෙ හැමෝම. ඒ අයගෙ ඇගවල් හොදට cut වෙලා තියනව. ඒත් ඔයා එයාව එක දිගට අවුරුද්දක් නිරීක්ෂණය කලත් එයාගෙ වර්ධනයක් පේන්නෙ නැ. හේතුව එයාල හැමදාම වැඩ විවේකයක් ගන්න වෙලාවක් නැ.

සිංහලෙන් කියනවනම් එයාලගෙ ඇගවල් ඇට්ටකුණා වෙලා තියෙන්නෙ. එක නිසා ඔයා සතියෙ දවස් 7ම train කලත් වැඩක් නැ. හරියට විවෙක ගන්නෙ නැතුව. ඒකෙන් වෙන්නෙ තියන ටිකත් බැහැල යන එක තමයි..එක නිසා හොද නින්දක් (පැය 7ක් විතර) කායවර්ධනයේදි අත්‍යාවශ්‍යයි. 

එහෙනම් අපි කැපුනා..පොස්ට් එක හොද නම් like එකකුත් දාගෙන යන්න

Body-Engineers Sri Lanka