
අදත් කට්ටියට අරන් ආව මම සුප්ප රෙසිපියක් මහ දෙයක් නම් නෑ හැබැයි සුපිරි..
කට්ටිය දන්නවනෙ ලංකාවෙ කායවර්ධනය කරන අපිට මිල අඩුවෙන්ම ගන්න තියන ධාන්‍ය සහිත ආහාරය සමපෝශ කියල..
මේකෙ ගුණාත්මක කාබොහයිඩ්‍රෙට් හුගක් අන්තර්ගත උනාට මේකෙ ප්‍රෝටීන් ප්‍රතිශතය සාපේක්ශව අඩුයි...
කොහොමද උදේ ආහාරයට ප්‍රොටීන් ග්‍රෑම් 25 එක්ක සමපෝශ එකක් ගන්න තියනව නම්????
එහෙන්ම් බලමුද
- සමපෝශ ග්‍රෑම් 100
- සීනි රහිත අඩු මේද කිරි මිලිලීටර් 200
- වේ ප්‍රෝටීන් ස්කූප් 1 (Elite වේ ප්‍රෝටීන් නම් හොඳයි)
- අවශ්‍ය නම් සීනි
ඉස්සල්ලම කරන්න ඕනෙ දේ තමයි ඔයාල කිරි පිටි පාවිච්චි කරල කිරි එක හදා ගන්නවනම් උනුවෙන් හැදුවට පස්සෙ සිසිල් වෙන්න තියන්න මොකද? උනු දේවල් වේ ප්‍රෝටින් වලට දාන්න එපා එතකොට වේ ප්‍රෝටීන් විනාශ වීමක් වෙනව..
ඉස්සල්ල සමපෝශ එකට කිරි ටික දාල හොදට දිය කරගන්න..
ඒක ටික්ක පදමට ආවට පස්සෙ වේ ප්‍රෝටීන් ස්කූප් එක එකතු කරන්න..
ඊට පස්සෙ හොදට මිශ්‍ර කරන්න ඔනේ..
ඊට පස්සෙ කට්ටියගෙ රස අනුව සීනි අවශ්‍ය නම් එකතු කරගන්න පුලුවන්.
දැක්කනෙ සිම්පල් වැඩක්..
මේක wrkout එකකට පස්සේ ගන්නවානම් තම හොඳ
හැබැයි සුපිරි සුවර් නැත්තම් හදල බලල කොමෙන්ටුවක් දාන්නකො එහෙන්ම් අපි ගියා ජය වේවා..
පොස්ට් එක හොද නම් ලයික් පාරක් දාල..තව කෙනෙක්ට බලන්න ශෙයර් කරන්න..
Body-Engineers Sri Lanka





