සෙල්ලම් කරන්න කලින් සුපිරි බීමක් බීල යමුද ?

සෙල්ලම් කරන්න කලින් සුපිරි බීමක් බීල යමුද ? 
කොහොමද යලුවනෙ කෑම ගැන පොස්ට් එකක් දැම්මට පස්සෙ මට හිතුන හොද රෙසිපීස් ටිකකුත් කට්ටියට කියන්න ඕනෙ කියලා. මේක ඇවිල්ලා මම දෙන පලවෙනි energy shake රෙසිපි එක.. එකිව්වෙ සෙල්ලම් කරන්න කලින් හොද කබෝහයිඩ්‍රෙට් ගන්න ඕනෙ කියල මම කිව්වනෙ ඉතින් හොද කාබොහයිඩ්‍රෙට් අන්තර්ගත බීමක් හදාගන්න හැටි තමා මම කියන්නෙ.

අවශ්‍ය ද්‍රව්‍ය
1.කොත්මලෙ non-fat (මේද රහිත) යොගට් කෝප්ප 1/2
2.හොදින් ඉදුනු පලතුරු වර්ගයක් හෝ වර්ග කීපයකින් කෝප්ප 1
3.මේද රහිත කිරි කෝප්ප 1
4.ඇමයිනො ටැබ්ලට් 3
5.වතුර කෝප්ප 1

සාදා ගන්නා අයුරු
ඉස්සල්ලම වතුර,යොගට් සහ කිරි එකතු කරල බ්ලෙන්ඩර් කරගන්න .වැඩි වෙලා බ්ලෙන්ඩ් කරන්න එපා. ඒට පස්සෙ ඇමයිනො ටැබ්ලට් ටික කෙලින්ම බ්ලෙන්ඩර් එකට දාල අයෙ ටික වෙලවක් බ්ලෙන්ඩර් කරන්න. අන්තිමටම ප්ලතුරු ටික දාල විනාඩි 5ක් විතර බ්ලෙන්ඩර් කරන්න. රස වැඩි කරගන්න ඔනෙම නම් සීනි හැදි 1/2 වගෙ දැම්මට කමක් නෑ.
දැන් ජිම් එකට යන්න විනාඩි 20කට කලින් ඔක බීල යන්න. අයෙ ලොවෙත් මගදි නම් එපා වෙන්නෙ නෑ පුතාලා. අපි ගියා like එකක් එහෙම දාල නොදන්න කෙනෙක්ට බලාගන්න share කලාට අපි මුකුත් කියන්නෙ නෑ ඕං.

Body-Engineers Sri Lanka