
එහෙනම් අපි බලමුද මොනාද මේ කරුණු පහ කියල
1.ව්‍යායාම කරන්න ඔයා අකමැතිම ව්‍යායාමයෙන් පටන් ගන්න
හුගක් කට්ටියට තමන්ගේ ප්‍රියතම ව්‍යායාම කිහිපයක් තියනවා සමහර කට්ටිය හුගක්ම කැමති Arms වලට සෙල්ලම් කරන්න සමහර කට්ටිය කැමති chest එකට සෙල්ලම් කරන්න ඒවගේමයි ඒ ආශ්‍රිත ප්‍රියතම ව්‍යායාම කීපයකුත් එයාලට තියනවා. එත් මේක හොද දෙයක් විදියට දකින්න බැ. මොකද හේතුව හුගක් මේ විදියට ව්‍යායාම කරන කට්ටිය සංකීර්ණ ,අමාරු ව්‍යායාම කිරීම අඩුයි.
උදාහරණයක් විදියට ගත්තොත් අලුතින් ක්රීඩා කරන්න පටන් ගන්න අයගෙන් හුගාක් කලාතුරකින් කට්ටියක් තමයි කකුල් වලට සෙල්ලම් කරන්නේ. squat ,leg press ,leg curl වගේ බාහු සන්දි ව්‍යායාම කිරීමට හුගාක් අය මැලි කමක් දක්වනවා.ඉත්න් මේ වගේ අගේ විශාලම muscle එකට ව්යායාම නොකිරීම නිසා ඔයාගේ වර්දන වේගය අඩු වෙන්න පුළුවන්.
2.එකම දේ නැවත නැවත කිරීමෙන් වලකින්න.
මෙකදී ඇත්තටම කියන්න උත්සහ කරන්නේ එකම ව්‍යායාම සැහෙන කාලයක් එක දිගට කිරීමෙන් වලකින්න කියල. මොකද හොද ව්‍යායාම කිරීමක් සහ හොද පෝෂණයක් සමග මාංශ පේශි ශක්තිමත්ව සහ ගනකම්ව වැඩෙනවා. එක තමයි අපි මාංශ පේශි වර්ධනය කියල හදුන්වන්නේ. එත් කට්ටිය එකම ව්‍යායාම එකම බර ප්‍රමාණ වලින් දිගටම සෙල්ලම් කරනවා නම් වර්ධනය ඇන හිටිනවා. උදාහරණයක් විදියට කියනවා නම් සමහරු අවුරුද්දක් විතර basic schedule එකක් සෙල්ලම් කරලා. මතක තියාගන්න සහෝදරවරුන්නි schedule එක හුගාක් වැදගත්.
3.සෙල්ලම් කරන හැම සෙට් එකක් ම පුළුවන් උපරිම බර යොදා සෙල්ලම් කිරීමෙන් වලකින්න
මේකත් හුගාක් වැදගත් දෙයක්. ඔයාල දැකල ඇති සෙල්ලම් කරන කට්ටිය හුගක් වෙලාවටහෙම සෙට් එකම හුගාක් ලොකු බරක් යොදල සෙල්ලං කරන්න පුරුදු වෙලා ඉන්නවා. හොද දෙයක් විදියට කියන්න අමාරුයි. මොකද සෙල්ලම් කරන හැම සෙට් එකම ලොකු බර ප්‍රමාණයක් යොදා සෙල්ලම් කිරිම නිසා වර්ධනය ඇන හිටින්න පුලුවන්. එහෙම වෙන්න හේතුව අපි බලමු. හුගක් වෙලාවට මම කලින් කියපු විදියට සෙල්ලම් කිරීම නිසා ශක්තිය වර්ධනය වීමක් වෙන්න පුළුවන්. එත් මේක ඇත්තටම බැලුවොත් "අධික ලෙස ව්යායාම කිරීම" හෙවත් overtraining ගණයට තමයි වැටෙන්නේ.එක නිසා උපරිම බර යොදා සෙට් එකක් හෝ දෙකක් සෙල්ලම් කිරීම ප්‍රමාණවත් බව මතක තියාගන්න.
4.අලුත් ව්‍යායාම ක්‍රම අත්හදා බලන්න.
මෙතනදී අපි කියන්නේ එකම විදියේ ව්‍යායාම වලට පුරුදු වෙන්නේ නැතුව අලුත් දේවල් අත්හද බලන්න කියල.එක ඇත්තටම හද දෙයක්.එත් ලංකාවේ කට්ටිය හුගාක් බය දෙයක්. gym එකේ කෝච් කියන දෙයින් එහාට වෙන කිසිම දෙයක් හිතන්නවත් කරන්නවත් කට්ටිය කැමති නැ. ලනකවේ කායවර්ධන ක්‍රීඩාවට අද මෙහෙම තැනක් තියෙන්නේ ඕක නිසා. ඉස්සර භාවිතා කරපු ව්‍යායාම ක්‍රම හුගාක් අද වෙන විට වෙනස් කරලා තියනවා මොකද හේතුව එක්කෝ ව්‍යායාම ක්‍රම වලින් අබාධ ඇති වෙන්න්න අවධානමක් තියන නිසා එහෙම නැත්තන් ඒ ව්යායාම ක්‍රමයෙන් කලින් පාරට වඩා හොද ප්‍රතිපල ගන්න පුළුවන් නිසා. කෙසේ හෝ වේවා හැම විටම එක තැන පල් වෙන්නේ නැතුව අලුත් ව්‍යායාම ක්‍රම උත්සහකරලා බලන්න.
5.හොද pump එකක් එන සෙල්ලම් කරන්න
මේ කියපු දේ තේරුම තමයි අපි හුගාක් වෙලාවට සෙල්ලම් කරන්නේ කලින් සදහන් කරප විදියට ලොකු බරක් යොදාගෙන පොඩි reps ප්‍රමාණයක්.එත් එහෙම නැතුව පොඩි බර ප්‍රමාණයක් යොදාගෙන ටිකක් ඉහල මට්ටමේ රෙප්ස් සෙල්ලම්කිරීමෙන් ඉහල ප්‍රතිලාභ ගන්න පුළුවන්. අපි මේකේ විද්‍යාත්මක පැත්ත පොඩ්ඩක් බලමු. සාමාන්යෙන් සෙල්ලම් කිරීමේදී මාංෂ් පේශි වර්ධනයට යාන්ත්‍රික ආතතිය හා මාංශ පේශි වල පටක තුවල වීම (muscle damage ) කියන ඒවා වැදගත්. ඉතින් ලොකු pump එකක් ගන්න සෙල්ලම් කරනවා කියන්නේ මාංශ පේශි තුලට හොදට තරල ඇතුලත් කිරීමක්. ඉතින් පෝෂ්‍ය පදාර්ථ බහුල තරල මාංශ පේශි වලට ඇතුලත් වෙනවා කියල කියන්නේ නිකන්ම වර්ධන වීම ඉක්මන් වීමක්.
එහනම් කට්ටියට පොස්ට් එක උදව්වෙන්න ඇති කියල හිතනවා.නොදන්නා කෙනෙක්ට බලන්න share කරන්න
Body-Engineers Sri Lanka





