
ප්‍රධාන වශයෙන් ලංකාවේ සෙල්ලම් කරන කට්ටිය සප්ලිමන්ට් එකක් තෝරාගන්නේ ටිකක් අමුතු විදියට. හුගක්ම gym එකේ අයියා කියන විදියට. gym එකේ අයියා ගන්න කිවේ මෙන්න මේ සප්ලිමන්ට් එක. ඒක නිසා එක විතරයි මම පාවිච්චි කරන්නේ කියන මතයේ ඉන්න එපා..එහෙම කිව්ව පලියට ගන්න යන්නත් එපා..මොකද ඔයාලගේ ඇග ගැන දන්නේ ඔයාල.ඉතින් ටිකක් ලොකු ගානක් වියදම් කරලා සප්ලිමන්ට් එකක් ගන්න කොට ඔයාලත් ටිකක් හොයල බලන්න ඕනේ.
අනික් ප්‍රධානම කාරණය තමයි කොයිම වෙලාවකවත් ඔයාලගේ යාලුවෙක්ට වැඩ කලා කියල එයා ගත්ත සප්ලිමන්ට් එකක්ම ඔය ගන්න යන්නත් එපා.මොකද එක්කෙනෙක්ගේ සිරුරක් තව කෙනෙක් ගේ සිරුරකින් හුගාක් වෙනස්.ඉතින් කෙනෙක්ට වැඩ කරපු සප්ලිමන්ට් එකක් තව කෙනෙක්ට වැඩ නොකර තියෙන්න ඉඩ කඩ තියනවා.
මීට අමතරව සප්ලිමන්ට් එකකින් කොච්චර ප්‍රමාණයක් ඔයාල භාවිතා කරන්න ඕනෙද කියන එකත් හරියටම දැනගන්න. මොකද එක අනිවාර්යයි. ඔයාල නියමිත ප්‍රමාණ වලින් බවිත නොකලොත් උදාහරණයක් විදියට අඩු ප්‍රමාණයක් භාවිතා කලොත් එක වැඩ නොකරන්න ඉඩ තියනවා ඊට අමතරව හුඟාක් වැඩි ප්‍රමානයක් භාවිතා කලොත් එක අමාශයට ඔරොත්තු නොදීම නිසා බඩ විරේඛ වීමේ තත්ත්ව උනත් ඇති වෙන්න පුළුවන්.
අනික් ප්‍රධානම කාරණාව තමයි හුගක් හොද Schedule එකක් සෙල්ලම් කරන්න ඕනේ. හුගක් කට්ටිය මෙන්න මෙතනදී තම වැරැද්ද ගන්නේ. අනිවර්යෙන් මතක තියාගන්න ඕන දෙයක් තමයි Schedule එක හුගාක් වැදගත් කියන එක එක සප්ලිමන්ට් එක වැඩ කරන්න විතරක් නෙමේ ඔයාගේ ඇග හරියට හැදෙනවද නැද්ද කියන එකත් තීරණය වෙන්නේ ඔයාගේ සෙල්ලම් කිරීම අනුව. කොයිම වෙලාවකවත් එක අවතක්සේරු කරන්න එපා.
කෑම අනිවාර්යයි.මේකත් හුගක් කට්ටිය පටලව ගන්න තැනක්. කොයිම වෙලාවකවත් හිතන්න එපා සප්ලිමන්ට් භාවිතා කලාම විතරක් ඇඟවල් හැදෙනව කියන එක. කෑම නම් අනිවාර්යයි. මොකද සප්ලිමන්ට් එකක් කියන්නේ අපි උදව් කරගන්න භාවිතා කරන දෙයක් විතරයි. එක මත කොයිම වෙලාවකවත් රඳා පවතින්න එපා.
Original සප්ලිමන්ට්ම මිලදී ගන්න වගබලාගන්න.මොකද ලංකාවේ දැන් හුගාක් fake එහෙමත් නැත්තන් ඩුබායි සප්ලිමන්ට් මිලදී ගන්න තියනවා. ඉතින් ඒ ගැනත් ටිකක් සැලකිලි මත් වෙන්න. මොකද සමහර වෙලාවට සෞඛ්‍ය ප්‍රශ්න උනත් ඇතිවෙන්න තියන ඉඩ කඩ වැඩි.
- Body-Engineers Sri Lanka





