කායවර්ධන මධ්‍යස්ථානයක්(GYM) තෝරාගැනීමේදී සැලකිලිමත්විය යුතු කරුණු

1.නිවසේ හෝ කාර්යාලයේ සිට GYM එකට ඇති දුර. 
සැමවිටම ඔබට පහසුවෙන් අඩු කාලයකින් ලඟා විය හැකි ඔබට සමීපතම GYM එක තෝරාගන්න.කිලෝමීටර් ගණන් drive කරලා අනවශ්‍ය පීඩනයක් ඔලුවට ගැනීමෙන් සහ ඔබගේ කාලය මහමගට නාස්ති කිරීමෙන් වලකින්න.පොඩි දෙයක් වගේ පෙනුනට වැඩිම gym excuses ප්‍රමාණයක් එන්නේ මේකෙන්.   

2.කාල කළමනාකරණය.  
ව්‍යායාම කිරීම සඳහා ඔබ වෙන්කරගත් කාලය තුල GYM එක විවුර්තව ඇතිද යන්න නිවැරදිව දැනගන්න.ඔබ දන්නවා GYM එකක් කියන්නේ එක දිගට විවෘතව තිබෙන තැනක් නෙවේ.උදේ වරුවේ සහ සවස් වරුවේ විවුර්තව තබන වේලාවන්ට ඔබට සහභාගී විය හැකිද යන්න බලන්න. 

3.පුහුණුකරුවන්ගේ සුදුසුකම් සහ පළපුරුද්ද.
ඔබගේ අරමුණු සඵල කරගැනීමෙහිලා ප්‍රබලම භාරිර සාධකය වන්නේ සුදුසුකම් ලත් පුහුනුකරුවායි.මක්නිසාදයත් ඔබේ පුහුණුව,පෝෂණය සහ ආහාර අතිරේක ගැන උපදෙස් ලබාදෙන්නා නිසා.හරියට බැලුවොත් වෛද්‍යවරයෙක් රෝගය හඳුනාගෙන වෛද්‍ය උපදෙස් ලබා දෙනව වගේ.ඔබ වෛද්‍යවරයාගේ අවම සුදුසුකමවත්(MBBS) බලනවා නේද ;) 

4.පවිත්‍රතාව. 
දහඩිය සමඟ කරන ක්‍රීඩාවක් නිසා ක්ෂුද්‍ර ජීවි ආසදන සහ ලෙඩරෝග ඇතිවීමේ ප්‍රවනතාවක් තියෙනවා .Gym එක වගේම Washroom සහ changing room වල පවිත්‍රතාවත් වැදගත්.   

5.වායු සමීකරණයකල හෝ හොඳින් වාතාශ්‍රය ලැබෙන ස්ථානයක් වීම.

6.උසස් තත්වයේ කායවර්ධන උපකරණ තිබීම. 
Free weights උපකරණ වලට අමතරව weight training machines,cardio machines(treadmill,bicycle… ),medicine balls,yoga mats,jumping rope,resistance band  වැනි උපකරණ තිබීම වැදගත්. 

7.ඉඩකඩ වෙන්කිරීම. 
ඒ ඒ ව්‍යායාම සඳහා සුදුසු පරිදි ඉඩකඩ වෙන්කර තිබීම වැදගත්.උදා. weights training,yoga,stretching,body weight training වශයෙන් ඉඩකඩ වෙන්වී තිබුය යුතුය. 

8. වටපිටාව.
Decent gentry පිරිසක් සිටින සහ over crowed(ප්‍රමාණය ඉක්මවා ගිය පිරිසක්) නැති gym එකක් තෝරාගන්න.    

9.ගැහැණු/පිරිමි වශයෙන් වෙන්කරනලද washrooms,changing rooms සහ locker එකක් තිබීම.
අපි රැගෙනයන පසුම්බිය,දුරකථනය,යතුරු සහ supplements වැනි දේවල් තැබීමට locker එකක් ඉතාම වැදගත්.cctv ආරක්ෂණ පද්දතියක් තියෙනවනම් එයද අමතර සුදුසු කමකි.    

10.ගාස්තුව(fees). 
සය මසක,අවුරුද්දක වැනි දිර්ඝකාලින සැලැස්මක් තෝරාගැනීමට පෙර හැකිනම් මාසයක trail එකක් ගොස් gym එක පිලිබඳ අවබෝදයක් ලබාගන්න.එහෙම නැත්නම් ඔයාට gym එක set වෙන්නේ නැතිඋනොත් අපරාදේ.ගොඩක් gym වල refund කරන්නේ නෑ.සමහර offers හම්බවෙන කාලවලදී ලියාපදිංචි වෙන්න.
ඔබට අනවශ්‍ය packege වලට වැඩිපුර ගෙවන්න එපා.(යොගා,ඇරොබික්ස් ...)

11.Parking,gym interior(lcd,music,water…) පහසුකම් තිබීම. 
මෙහි වැදගත් කම ගැන අවබෝදයක් ගැනීමට මේවා තිබෙන gym එකකට ගොස් ඊළඟ වතාවේ මේදේවල් නැති gym එකකට ගිහින් බලන්න    
  
මෙහෙම gym ලංකාවේ තියෙනවද? ඔව් තියෙනවා හැබැයි බොහොම අතලොස්සයි.දැනට ප්‍රධාන නගර වලට පමණක් සීමා වෙලා තියෙනවා. අද වනවිට ඉතා හොඳ ඉල්ලුමක් ගුණාත්මයෙන් ඉහල කායවර්ධන මධ්‍යස්ථාන වලට තියෙනවා.ජිම් කඩයක් වෙනුවට මෙවැනි ස්ථානයක් ආරම්භ කරන්න හැමෝම උත්සාහ කරනවා. රජය මගින් කිසියම් ගුණාත්මක සහතිකයක් දෙනවනම් තවත් හොඳයි. ඔබට මේ සියලු කරුණු කාරනා පුර්ණය කරපු gym එකක් හොයාගන්න අපහසු වෙන්න පුළුවන්.නමුත් මෙය ඉදිරිපත් කලේ ඔබට දල අදහසක් ගන්න.එමනිසා ඉහත කාරණා වලින් වැඩි ප්‍රමාණයක් පුර්ණය කරපු gym එකක් තෝරාගැනීම ඔබට අපහසු නොවනු ඇත. 

BodyBuilding-Fitness-සිංහලෙන්