ඔයාගේ සිරුර මොන කාණ්ඩයේද? ඇඟ හදාගන්න දාස් ගණන් වියදම් කරන්න කලින් මේක අනිවා දැනගෙන ඉන්න

අදත් අපි හුගක් අය දන්නේ නැති අලුත් පොස්ට් එකකින් ඔයාලව හම්බෙන්න අවා. අපි හැමෝම ජිම් එකකට ගිහින් සෙල්ලම් කරන්න කැමති .සමහර අය ක්‍රීඩාවක් විදියට කායවර්ධනය කරනවා සමහර අය හොද පෙනුමක් ලබාගන්න සෙල්ලම් කරනවා ඔය කොයි විදියට සෙල්ලම් කලත් හුගක් අය කියන දෙයක් තමයි සමහර අය ටක් ගාල ඇග හදාගන්නවා සමහර අයගේ ඇගවල් හදන්න හරි අමාරුයි කියන එක ගැන. 

මේකට හේතුව විදියට හුගක් අය දකින්නේ කියන්නේ නැතුව සප්ලිමන්ට් ගහන එක කියල. එකත් හේතුවක් වෙන්න පුළුවන්. එත් ප්‍රධාන හේතුව තමයි එකිනෙකාගේ ශරීර සොබාවය තව කෙනෙක්ට වෙනස් වීම.
ටිකක් අවුල් වගේද තව ටිකක් පැහැදිලි කරන්නම් සාමානයෙන් අපි හිතුවට හැමෝගෙම ඇගවල් එක වගේ කියල එහෙම නැහැ. ඒවා කාණ්ඩ කීපයකට වෙන් කරන්න පුළුවන් විවිද කරුණු පදනම් කරගෙන මිනිසා ගේ ශරීර වර්ග තුනකට වර්ග කරලා තියනවා. ඉතින් මම හිතනවා ඔයාල ඔයාගේ සිරුරේ සොබාවය හරියට ගත්තොත් ඒ කියන්නේ තමන්ගේ සිරුර මොන කාණ්ඩයට ද අයත් වෙන්නේ කියන එක තේරුම් ගත්තොත් ඔයාලට හුගක් හොද ප්‍රතිපල ගන්න පුළුවන් කියල.

1.Ectomorphs (එක්ටමොර්පස්)
සාමානයෙන් සිහින් සිරුරක් හිමි අය.ශරීර රාමුව කුඩා ස්වරුපයක් ගන්නවා.සන්ධි සාමාන්යෙන් කුඩායි . මේදය තැම්පත් වීම අවම අතර මාංශ පේශි වල ප්‍රමාණය අඩුයි.පටු උරහිස් ඇත. මෙයාලගේ පරිවුර්තිය ක්‍රියා වල වේගය අධික නිසා සාමාන්යෙන් මාංශ පේශි වර්ධනය කරන්න අමාරුයි. මෙයාලගේ මාංශ පේශි වර්ධනය කරන්න ලොකු කැලරි ප්‍රතිශතයක් දෙන්න ඕනේ වගේම සෙල්ලම් කරද්දී ප්‍රමාණයෙන් විශාල මාංශ පේශි සදහා මුලිකත්වය දෙන්න ඕනේ.හුගක් වෙලා සෙල්ලම් කරන එක මෙයාලට අනුමත කරන්න පුළුවන් දෙයක් නෙමේ.
Ectomorphs (එක්ටමොර්පස්) සම්බන්ද වැදගත් කරුණු.
*ප්‍රමාණයෙන් කුඩා ටිකක් දුර්වල ශරීර සැකිල්ලකින් සමන්විතයි.
*සොබවයෙන්ම මාංශ පේශි වර්ධනය කිරීමට අපහසුයි.
*පැතලි පපුවකින් සමන්විතයි.
*උරහිස් ප්‍රමාණයෙන් කුඩායි.
*කෙට්ටුයි.
*මේදය තැම්පත් වීම අවම අතර lean muscle mass එකක් ඇත.
*පරිවුර්තිය ක්‍රියා වල වේගය වැඩිය.

2.Mesomorphs (මෙසොමොර්ෆ් )
සාමාන්යෙන් මධ්‍යම ප්‍රමාණයේ සිරුරක් හිමිය.ශරීර රාමුවද මධ්‍යම ප්‍රමාණයේන් යුතුය.athletic (මළල ක්‍රීඩා කරන අයගේ වගේ ) ස්වරුපයේ සිරුරක් හිමිය.මාංශ පේශි වල ප්‍රමානය වැඩි අතර වර්ධනයට කිරීමටද හුගක් ලේසියි.ඊට අමතරව මෙයාලගේ මේදය තැම්පත් වීමත් හුගක් අඩු ප්‍රතිශතයක තම තියෙන්නේ.සාමාන්යෙන් විද්‍යයින් පවසන විදියට මේක තමයි කයවර්ධනයට හුගක්ම ගැලපෙන ශරීර සොබාවය.
Mesomorphs (මෙසොමොර්ෆ් ) වැදගත් කරුණු.
*athletic (මළල ක්‍රීඩා කරන අයගේ වගේ ) සිරුරකට හිමිකම් කියනව.
*සාමාන්යෙන් රළු සිරුරක් ඇත.
*හොදින් වර්ධනය වූ එලියට පැහැදිලිව පේන මාංශ පේශි වලින් යුතුයි.
*ශක්තිමත් ය.
*මාංශ පේශි වර්ධනය කිරීමට පහසුයි.
*මේදය තැම්පත් කිරීමට කලින් කට්ටියට වැඩිය ලේසියි.

3.Endomorphs (එන්ඩෝමොර්ෆස් )
මේක තමයි අන්තිම කාණ්ඩය.අනිත් කාණ්ඩ දෙකටම වඩා ප්‍රමාණයෙන් විශාල ශරීර රාමුවකට හිමිකම් කියනව.ඒවගේමයි මෙයාලගේ වර්ධනය වූ මාංශ පේශි සහ ලොකු මේද ප්‍රතිශතයක් තියනව.අනිත් අයට සාපේක්ෂව මේ මේද ප්‍රතිශතය අයින් කරන්න හුගක් අමාරුයි.මෙයාලට හුගක් ඉක්මනට ඇගට ෆැට් එක වැටෙනවා.ඒවගේමයි සිරුර මෘදුයි.හැබැයි මෙයාල ශක්තිමත් මොකද මාංශ පේශි වල ගනකම ටිකක් වැඩියි.
Endomorphs (එන්ඩෝමොර්ෆස් ) වැදගත් කරුණු.
*මෘදු සහ රවුම් හැඩති සිරුරක් හිමියි.
*මාංශ පේශි වර්ධනය සහ මේදය තැම්පත් වීම ඉක්මන්ය.
*මේදය ඉවත් කිරීමට ටිකක් අපහසුයි.
*පරිවුර්තිය ක්‍රියා වල සාමාන්යෙන් වේගය අඩුයි.
සැලකිය යුතුයි.- දැන් මේ පොස්ට් එක කියවල හිතන්න එපා අපෝ මට ඇග හදන්න බැහැ මට තියෙන්නේ මේ ජාතියේ ඇගක් .මට bodybuilding හරියන්නේ නැහැ කියල. මේක දැම්මේ කට්ටියට තමන් වැටෙන්නේ මොන කාන්ඩයටද කියන එක තේරුම් කරල ඔයාලට හොද දැනුමක් දෙන්න මිසක් වෙන දෙකට නෙමේ. හරි කැපවීමක් තියනව නම් ඕන කෙනෙක්ට පුළුවන්. එහෙනම් අපි ගියා 

මතක් කරලා post එකට Like එකක් දාලා යන්න අපිට සතුටුවෙන්න තියෙන්නේ ඔයාලගේ Like තමයි 

Body-Engineers Sri Lanka