
ඔබ ආහාරයට ගන්න මේදය ශරීරය තුල තැම්පත් වෙන්නේ triglycerides හැටියට.මේද අම්ල betaoxidation නමැති ක්‍රියාවලියෙන් acetyl-Coa නමැති ව්‍යුහ සාදනවා.මෙය තවදුරටත් සංකීර්ණ ක්‍රියාවලියක් වන oxidative phosphorylation වලින් පසුව ශක්තිය(12 ATP) නිපදවනවා.මෙම ශක්තිය කබෝහයිඩ්‍රේට වලින් ලැබෙන ශක්තිය(2 ATP) මෙන් සය ගුණයක් පමණ විශාලයි.මේදය ග්රෑම් එකකින් ලැබෙන ශක්තිය ගැන හරියටම කතාකලොත් fat 1g = 9kcal වේ.මෙය සාපේක්ෂව විශාල ශක්ති ප්‍රමාණයක්.ඒ වගේම මේ ක්‍රියාවලියට විශාල කාලයක් ගතවෙනවා.මේ පිලිබඳ නිවැරදි අවබෝධයක් ගැනීම ඉදිරි මාතෘකා සාකච්චා කිරීම සඳහා අතිශය වැදගත්.
මේදය ප්‍රධාන වශයෙන් සංතෘප්ත(saturated) සහ අසංතෘප්ත(unsaturated) වශයෙන් අධ්‍යනයේ පහසුව සඳහා වෙන්කරගත හැක.මීට පෙර පෝෂනවෙදින් කතාකලේ saturated fat කියන්නේ ශරීරයට අහිතකර මේදය හැටියටයි.නමුත් මෑතකදී සිදුකල පර්යේෂණ වලින් ශරීරයට අහිතකර LDL වගේම හිතකර HDL කොලෙස්ටරෝල් ප්‍රමාණයද ඉහල නංවන බැවින් මෙය අවස්තානුකුලව භාවිතයට සුදුසු මේද වර්ගයක් හැටියට හඳුන්වනවා.සංතෘප්ත(saturated) මේද අඩංගු ආහාර මුලාශ්‍ර ගැන කතාකලොත් පොල් තෙල්,පාම් තෙල්,බටර්,ඌරු මස්,සම්පුර්ණ යොදය සහිත කිරි සහ Dark chocolate හැඳින්විය හැක.
Unsaturated fats ද්විත්ව කාබන් බන්ධන අනුක සැලැස්ම කරනකොට ගෙන monounsaturated fat,polyunsaturated fat සහ trans fat වශයෙන් කොටස් ත්‍රිත්වයකට ඛණ්ඩනය වෙනවා.සත්‍ය වශයෙන්ම භාවිතයට සුදුසු සෞඛ්‍ය සම්පන්න මේදය වන්නේ monounsaturated fats සහ polyunsaturated fats ය.මෙම වර්ග දෙක unsatureted cis fat නමින් හැඳින්විය හැක. අත්‍යාවශ්‍ය මේද අම්ල(ශරීරය තුල නිෂ්පාදනය නොවන) වන omega 3 සහ omega 6 අයත්වන්නේද polyunsaturated fats කාණ්ඩයටය. Monounsaturated fats අඩංගු ආහාර මුලාශ්‍ර ගැන කතාකලොත් ඔලිව් තෙල්,canola තෙල්,අලිගැටපේර,ඇට වර්ග(වට්ටක්කා ඇට,ආමන්ඩ්,කජු,රටකජු) නම් කලහැක.polyunsaturated fat ආහාර මුලාශ්‍ර හැටියට සෝයා තෙල්,කොර්න් තෙල්,flax තෙල්,fatty fish(සැමන්,මකරල්),වොල්නට්,යෝගර්ට් ගත හැක.ඔබ භාවිතා නොකළ යුතු ශරීරයට අහිතකර එකම මේද වර්ගය වන්නේ trans fats ය.මෙය හයිඩ්‍රිජනීකරණයෙන් සෑදෙන අතර වාණිජ ආහාර නිෂ්පාදනයේදී බොහෝවිට යොදාගනී.trans fats ඍජුවම LDL කොලේස්ටෝරෝල් වැඩි කිරීමට සහ හෘදරෝග ඇතිකිරීමට හේතු වේ.උදා.විස්කෝතු,කේක් නිෂ්පාදනයේදී.
ප්‍රෝටීන සහ කබෝහයිඩ්‍රේට වලට සාපේක්ෂව මේදය ග්රෑම් එකකින් අධික ශක්තියක් නිපදවන නිසාත් මේ සඳහා ගතවන කාලය ඉතා අධික නිසාත් ශරීරයට ලබාගත යුතු ප්‍රමාණය ගැන නිවැරදි අවබෝධයක් ලබාගනිමු.ඔබේ දෛනික කැලරි අවශ්‍යතාවෙන් 15%ත් 30%ත් අතර පෙර සඳහන් කල හොඳ මේද වර්ගයකින්(unsaturated cis fats) සම්පුර්ණ කලයුතුය.එය දල වශයෙන් 30g – 60g දක්වා අගයක් ගනී.මෙම ප්‍රමාණය ඉතාම නිවැරදිව ගණනය කරගැනීම සඳහා පහත link එකට යන්න .http://www.bodybuilding.com/fun/macronutrients_calculator.htm
ශරීරයට අවශ්‍ය ශක්තිය ලබාදෙනවාට අමතරව කායවර්ධකයෙකුට මෙහි ඇති වැදගත්කම් කිහිපයක් ඇත.විෂෙන් විෂ නසනවා වගේම මේදයෙන් මේදය මට්ටුකරන්න පුළුවන් බව උබ දැන සිටියාද?ඔව් මේක waight loss වැඩසටහනක් අනුගමනය කරන ඔබට වැදගත් වේවි.මේ සඳහා දායක
වන්නේ අත්‍යාවශ්‍ය මේද අම්ල වන omega 3 ය.omega3 අඩංගු ආහාර මුලාශ්‍ර හැටියට සැමන්,මැකරල් මසුන් ,walnuts,flaxseeds,කව්පි නම් කල හැක.කායවර්දකයෙකුට අත්‍යාවශ්‍ය හොර්මොන් එකක් වන ටෙස්ටෙස්ටරෝන් ප්‍රමාණය වැඩි කිරීමෙහි ලා satureted fats සහ monosaturated fats දායක වන බව පර්යේෂණ වලින් සොයාගෙන ඇත.unsaturated cis fats භාවිත කිරීම හෘදය නිරෝගිව පවත්වාගෙන යාමට වැදගත් වේ.
ටිකක් දිග article එකක් නිසා revision එකකින් අවසන් කරමු.මේදය කියන්නේ සතුරෙක් නොවන අතර හොඳ මේදය හඳුනාගෙන භාවිතා කලයුතුයි.සමස්තයක් ලෙස unsaturated cis fats ඉතා හොඳ මේද මුලාශ්‍ර හැටියට සඳහන් කරන්න පුළුවන්.saturated fats අවස්තානුකුලව භාවිතාකල හැක.භාවිතා නොකළයුතු එකම මේද වර්ගය වන්නේ trans fats ය.මේවා අඩංගු ආහාර වර්ග සහ ගතයුතු ප්‍රමාණයන් ගැන සැකෙවින් සඳහන් කල නිසා අවබෝධයෙන් යුතුව ලබා ගන්න.
මෙම ලිපියේ මින් පෙර පළවූ පළමු කොටස >>>>> අවුරුදු ගානක් සෙට් එක දැම්ම කිසිම වෙනසක් නෑ නේ
මෙම ලිපියේ මින් පෙර පළවූ දෙවන කොටස >>>> කාබෝහයිඩ්‍රේට් (Carbohydrates)
මෙම ලිපියේ මින් පෙර පළවූ තෙවන කොටස >>>> ප්‍රෝටීන්
BodyBuilding & Fitness සිංහලෙන්








