
පෝෂණය යනු සෛල සහ සත්ව කොට්ඨාශවල ජීවය පවත්වා ගැනීම සදහා අවශ්‍ය වන සංඝටකයන් ආහාර මගින් ලබා දීමයි. සරලව කිව්වොත් ශරීරයේ වර්ධනයට පැවැත්මට අවශ්‍ය භාහිරින් ලබාගන්නා ආහාර.පෝෂණය මුලික කොටස් සයකට වෙන්කරගන්න පුළුවන්.එනම්,
1.කාබෝහයිද්රේට්.
2.ප්‍රෝටීන්.
3.මේදය.
4.ජලය.
5.විටමින්.
6.ඛනිජ .
තවදුරටත් කාබෝහයිඩ්රේට ,ප්‍රෝටීන් සහ මේදය අධි පෝෂක (macronutients) එනම් ශරීරයට විශාල වශයෙන් අවශ්‍ය පෝෂක ලෙස වෙන් වෙනවා.තවද ශරීරයට අවශ්‍ය ශක්තිය(Calories) ලබාදෙන්නේද macro-nutrients මගිනි. කායවර්ධකයෙකු ගතයුතු අධි පෝෂක අනුපාතය අරමුණු(fitness goal),ශරීර ඛණ්ඩය(Ectomorph,Mesomorph,Endomorph) සහ ස්ත්‍රිපුරුෂ බව අනුව වෙනස් වෙනවා.
Macro-nutrients(protein,carbohydrate,fat ), ගතයුතු අනුපාතයන් සහ ප්‍රායෝගික ගැටළු ගැන ඉදිරියේදී සවිස්තරව වෙන වෙනවෙනම කතා කරනවා.
ජලය මනුෂ්‍ය ශරීරයේ මුලික තැනුම් එකක වලින් වැඩිම ප්‍රමාණයක් නියෝජනයක් කරයි.ප්‍රමාණාත්මකව 60%-70% වේ.මෙය ඉතා පහසුවෙන් මුත්‍රා දහඩිය සහ වාෂ්ප හැටියට ශරීරයෙන් ඉවත්වේ.එමනිසා ජලය ප්‍රශස්ථ මට්ටමෙන් නිරන්තරයෙන් ශරීරයට ලබා ගැනීම ඉතා වැදගත් කාර්යකි.සන්ධි අතර ක්‍රියාකාරිත්වය,ශරීරය තුල විවිධ ද්‍රව්‍ය ප්‍රවාහනය සහ ශරීර උෂ්ණත්වය පාලනය කිරීම මෙහි ප්‍රධාන කාර්යන්ය.
විටමින් සහ ඛනිජ ක්ෂුද්‍ර පෝෂක (Micronutrients) නමින් හඳුන්වනවා.මේවා ශරීරයට සුළු වශයෙන් අවශ්‍යවන පෝෂක වේ.මෙමගින් ඍජුවම ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා නොදුන්නත් පරිවෘත්තිය ක්‍රියාවලියේදී එනම් අධිපෝෂක ශක්තිය බවට පත්කරන ක්‍රියාවලියට වැදගත් වේ.
කායවර්ධකයෙකුට පෝෂණය සුළුකොට තැකිය නොහැකි ඉතා වැදගත් කොටසක්.මුලිකවම තමාට අවශ්‍ය ශක්තිය නිවැරදිව හඳුනාගෙන එම කොටස් ලබාගතයුතු අනුපාතයන් නිවැරදිව හඳුනා ගත්තොත් ඉතා සරලව ප්‍රයෝගිකව අපේ ජිවන රටවාට එකතු කරගන්න පුළුවන්.මෙම ඉදිරිපත් කරන යොමුවෙන් ඔබේ එම අවශ්‍යතාව පහසුවෙන් ඉටුකරගත හැක
CALCULATE YOUR MACRONUTRIENTS INTAKE!
අපි ඉදිරි ලිපි කිහිපයෙන්
1.කබෝහයිඩ්රේට්
2.ප්‍රෝටීන්.
3.මේදය.
ගැන වෙන වෙනම කතාකරමු
BodyBuilding & Fitness සිංහලෙන්





