ජිම් යන කෙනෙක් දවසකට කන්න ඕනේ බිත්තර ගණන

අද අපි කතා කරන්න හිතුවේ තවත් කට්ටිය හුගක් අපෙන් අහන ප්‍රශ්නයක් ගැන.අපි හැමෝම දන්නවා මාංශ පේශි වර්ධනයට ප්‍රෝටීන් අත්‍යවශ්‍යයි කියල. ඉතින් ප්‍රෝටීන් ලබාගන්න තියන ලබම සහ ලේසිම විදිය තමයි බිත්තර කියන්නේ. එත් බිත්තර කොච්චරක් දිනකට ආහාරයට ගැනීම ක්‍රීඩකයෙකු වශයෙන් හොදද කියන එක ගැන තමයි අපි අද කතා කරන්න හිතුවේ.

ඇත්තම කිව්වොත් බිත්තර කියන්නේ කොලෙස්ටරෝල් ආකරයක්.කෝලෙස්ටරෝල් ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැහැ කියල හිතනවා. මොකද කොලෙස්ටරෝල් කියන්නේ හදවත් රෝග සහ දියවැඩියාවට මුල.ඉතින් අපි බිත්තර වගේ කොලෙස්ටරෝල් අඩංගු අහර ගැනීමේදී හුගක් ප්‍රවේශම් වෙන්න ඕනේ.

කොච්චර බිත්තර දවසකට ගන්න ඕනෙද කියන එක ගැන දැන ගන්න කලින් ඔයාල දැන ගන්න ඕන මුලික දෙයක් තියනව. එක තමයි කොලෙස්ටරෝල් අඩංගු වෙන්නේ බිත්තරේ කහ මදේ කියන කොටසේ විතරයි.සුදු මදේ කොලෙස්ටරෝල් කොහොමවත් අඩංගු වෙන්නේ නැහැ.

අනිත් ඔයාල දන ගන්න ඕන දේ තමයි කොලෙස්ටරෝල් කියන්නේ කොයිම වෙලාවකවත් සිරුරට මුළු මනින්ම අහිතකර දෙයක් නෙමේ සිරුරේ සෑම සෛලයකම කොලෙස්ටරෝල් අඩංගු වෙන්ව ඒ වගේම කයවර්ධනයේදී අත්‍යවශ්‍ය හෝමෝනය වන ටෙස්ටෙස්ටරෝන් කියන හෝමෝනය නිපදවීමටත් කොලෙස්ටරෝල් ඕන වෙනවා.හැබැයි අනවශ්‍ය විදියට ගත්තොත් නම් සිරුරට කොහොමවත්ම හොද නැහැ.

සිරුරේ තියන්න ඕන සාමාන්‍ය කොලෙස්ටරෝල් ප්‍රතිශතය වෙන්නේ රුධිරයේ ඩේසි ලීටර් එකකට මිලි ග්රෑම් 80ක් වගේ ප්‍රමාණයක්.ඉතින් වෛද්‍යවරුන් නිර්දේශ කරන විදියට සාමානය පුද්ගලයෙක් දිනකට එක සම්පුර්න බිත්තරයක් (කහ මදය සහිතව) ගත්ත කියල කිසි ප්‍රශ්නයක් නැහැ. සමහර කායවර්ධන කරන අය හුගක් සක්‍රිය දිනයක් ගත කරන නිසා දිනකට සම්පුර්න බිත්තර දෙකක් උනත් ගත්තට කමක් නැහැ. හැබැයි ඔයාගේ පවුලෙන් හදවත් රෝග හෝ දියවැඩියාව එහෙම නැත්තනම් අධි රුධිර පීඩනය හැදෙන්න අවධානමක් තියනවා නම් නියමිත් ප්‍රමාණයට වඩා නොගෙන ඉන්න එක තමයි හොද.
බිත්තර සුදු මද නම් කොච්චර ප්‍රමාණයක් ගත්තත් ප්‍රශ්නයක් නැහැ කියල තමයි වෛද්‍යවරුන්  නම් කියන්නේ 

බිත්තර වල පෝෂණ ගුණයන්..
Amount Per 1 large (50 g)
Calories 78
% Daily Value*
Total Fat 5 g 7%
Saturated fat 1.6 g 8%
Polyunsaturated fat 0.7 g 
Monounsaturated fat 2 g 
Cholesterol 187 mg 62%
Sodium 62 mg 2%
Potassium 63 mg 1%
Total Carbohydrate 0.6 g 0%
Dietary fiber 0 g 0%
Sugar 0.6 g 
Protein 6 g 12%
Vitamin A 5% Vitamin C 0%
Calcium 2% ron 3%
Vitamin D 11% Vitamin B-6 5%
Vitamin B-12 10% Magnesium 1%
උපුටා ගැනීම : Body-Engineers Sri Lanka