ශරීරයට ශක්තිය ලබාදෙන තවත් එක් වැදගත් අධිපොශකයකි - ප්‍රෝටීන් අද ඒ ගැන බලමු

අපි අද අධි-පෝෂක(macro-nutrients) කාණ්ඩයට වැටෙන ප්‍රෝටීන ගැන කතා කරමු.ප්‍රෝටීන් කියන්නේ මොනවද? ඒහි ක්‍රියාකාරිත්වය මොනවගේද? කායවර්ධකයෙකුට ඇති වැදගත් කම? ගතයුතු ප්‍රමන්නයන්?අඩංගු ආහාර ද්‍රව්‍ය සහ ප්‍රමාණයන්,ප්‍රායෝගික ගැටළු ගැන කතා කරමු.

ජලයට පමණක් ප්‍රමාණාත්මකව දෙවෙනි ප්‍රෝටීන, මුලික තැනුම් ඒකක හැටියට මනුෂ්‍ය ශරීරයෙන් 18%-20% පමණ වේ.බිත්තර සුදු මදයක් කෑවම ප්‍රෝටීන් හැටියට ශරීරය අවශෝෂණය කරගන්නවද ? උත්තර නෑ ...අපි ගන්න කිසිම ප්‍රෝටීන අඩංගු ආහාරයක් ප්‍රෝටීන හැටියට අවශෝෂණය නොවන අතර අමිනෝ ඇසිඩ් (amino acid) නමැති මුලික අනුක ස්වභාවයෙන් තමා ශරීරය අවශෝෂණය කරගන්නේ.පන්සියයකට අධික අමිනෝ අම්ල වර්ග ඇති අතර මනුෂ්‍ය ශරීරයට අවශ්‍ය වන්නේ ඉන් 21ක් පමණි.එයිනුත් amino-acid වර්ග 9ක් මනුෂ්‍ය ශරීරය තුල නිෂ්පාදනය නොකරන අතර ඒවා අත්‍යවශ්‍ය අමිනෝ අම්ල (essential amino acid) හැටියට හඳුන්වනවා.අත්‍යවශ්‍ය අමිනෝ අම්ල අනිවාර්යෙන් භාහිරින් ලබාගන්න ආහාර වලින් ලබාගත යුතුමයි.කායවර්ධකයන් අතර ප්‍රසිද්ධ BCAAs(Branch Chained Amino Acids) කියන්නේ අත්‍යවශ්‍ය අමිනෝ අම්ල වලිනුත් තෝරාගත් අම්ල ත්‍රිත්වයක් වන Valine,Isoleucine,Leucine වලටයි.

ප්‍රෝටීන වල වැදගත්කම ගැන කතාකලොත් උපතේ සිට ඉදිරියට සියළුම කාල වලදී ශරීරයේ වර්ධනයට,ශක්තිය ලබාගැනීමට සහ ශරීරයේ නඩත්තු කටයුතු වලට ඉතා වැදගත් වේ.තවද , 1.ඔක්ෂිජන් ප්‍රවාහනයට (රතු සෛලවල අඩංගු හිමොග්ලොබින් ප්‍රෝටිනයකි) 2.මාංශ තන්තු වර්ධනය කරමින් මාංශපේශි වර්ධනයට. 3.මාංශපේශි නඩත්තු කිරීම. 4. ප්‍රතිශක්තිකරණය ලබාදීම.(සුදුරුධිරානු වල ඇති ප්‍රතිදේහ ප්‍රෝටීන විශේෂයකි) 5.කොණ්ඩය,නිය,සම,ලිගමන්ට්ස්,අස්ථි වල ක්‍රියාකරිත්වකයට. 6.රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය.

ගතයුතු ප්‍රමාණයන් ගැන කතා කරන්න කලින් ප්‍රෝටීන් 1g වලින් ලැබෙන ශක්ති ප්‍රමාණය ගැන අවබෝධයක්
ලබාගමු.ප්‍රෝටීන 1g වලින් ශක්තිය 4calක් ලැබේ.අනෙකුත් අධිපෝෂක වලට සාපේක්ෂව මෙය මේදය හැටියට ශරීරයේ තැම්පත් වීම ඉතා අඩුය.කායවර්ධකයෙකුගේ දිනක ප්‍රෝටීන අවශ්‍යතාව ශරීරයේ බර රාත්තල්(pounds) වලින් ගත විට එමෙන් 1.0g ප්‍රමාණයක් වේ. උදාහරණ වශයෙන්, ඔබගේ බර කිලෝග්‍රෑම් 100 ක් නම්, ඔබ ලබාගත යුතු ප්‍රෝටීන ග්රෑම් ප්‍රමාණය වනුයේ 100 X 2.2 X 1 = 220 ග්රෑම් වේ. (1 Kg = 2.2 pounds) මෙය ඉතා නිවැරදිව ගණනය කරගැනීම පහත link එකට ගොස් සිදුකරගත හැක.
http://www.bodybuilding.com/fun/calpro.htm

ප්‍රෝටීන් අඩංගු ආහාර මුලාශ්‍ර ගැන කතා කලොත්, සත්ව ආහාර හැටියට මස්,මාළු,බිත්තර,කිරි ආශ්‍රිත නිෂ්පාදනද ශාක ආහාර හැටියට ඇට ජාති,බත්,ධාන්‍ය වර්ගද ප්‍රධාන වශයෙන් ගත හැක.මෙහිදී නිර්මාංශ ඔබට මතක් කිරීමට වැදගත් කරුණක් අත.අත්‍යවශ්‍ය අමිනෝ අම්ල කිසිම වෙලාවක බත්වල,ඇට ජාති වල සහ ධාන්‍ය වල සම්පුර්ණයෙන් නොපවතී.එමනිසා නිර්මාංශ ඔබ ඔබට අවශ්‍ය අමිනෝ අම්ල 9 බත් වලට ඇට වර්ගයක් එකතු කරගැනීමෙන් සම්පුර්ණ කරගන්න.මිට අදාළ පින්තුරයක් පහලින් ඉදිරිපත් කර ඇත.මෙය complementary protein නමින් හැඳින්වනවා.

රයෝගික ගැටළු ගැන කතාකලොත් අද මස් මාළු මිල ඉතා අධිකයි නේද? මිලෙන් අඩු ප්‍රෝටීන අධික ආහාර මොනවද? බත්(නීවුඩ්ඩ සහිත විශේෂයි),පැළ කරපු ධාන්‍ය ඇට(මුන්,කව්පි,කඩල),බිත්තර සුදු මද,රටකජු,සෝයා මීට්,සමපෝෂ,මේද රහිත කිරිපිටි,යෝගට්,සැමන්,දඹල,කොස් ඇට,නිවිති,අලිගැටපේර.ලංකාවේ අපිට ගැලපෙන අපේ ආහාර සැලැස්මක් ගැනත් කතා කරමු නේද ? උදේ ආහාරය - ප්‍රරෝහණය(sprout beans) කරනලද ඇට වර්ග (මු0,කව්පි,කඩල),සමපෝෂ අග්ගලා+මේද රහිත කිරි වීදුරුවක්,හරිත තේ(green tea) හෝ නැවුම් පලතුරු වීදුරුවක්. කිතුල්පිටි,කුරහන්,කොළ කැඳ Mid morning snack - පලතුරු ගෙඩියක් දහවල් ආහාරය - රතු බත් + පරිප්පු + මු0 ඇට ව්‍යංජනය+(මස්,මාළු,බිත්තර) pre-workout - කෙසෙල් , තැඹිලි , පොල් වතුර post-workout - බිත්තර සුදු මද ,යෝර්ගට් පානය,සමපෝෂ+මේද රහිත කිරි. දැන් ඉහතින් මේකම වෙන්න ඕනි කියල දෙයක් නෑ.මේක දල අදහසක් ගන්න දාපු දෙයක්.ඔයාලත් දන්නා දෙයක් තියෙනවනම් අපිව දැනුවත් කරන්න . ජයවේවා !!! 
මෙම ලිපියේ  මින් පෙර පළවූ පළමු කොටස >>>>>  අවුරුදු ගානක් සෙට් එක දැම්ම කිසිම වෙනසක් නෑ නේ
මෙම ලිපියේ  මින් පෙර පළවූ දෙවන කොටස  >>>> කාබෝහයිඩ්‍රේට් (Carbohydrates)


BodyBuilding & Fitness සිංහලෙන්