
බොඩිබිල්ඩින් නීතියට අනුව කෙට්ටු වෙන්න ඔනේ නම් මුලින්ම කරන්න ඕනේ දවසකට ගන්න ප්‍රෝටීන් ආහාරප්‍රමාණය වැඩි කරන එක. ඊට පස්සෙ අපි ගන්න කැලරි සහිත අහාර අඩු කරන්න ඔනේ. ඊට පස්සෙ ඇගේ ගබඩා වෙලා තියන කැලරි ප්‍රමාණය අඩු කරන්න. සාමාන්‍යය ව්‍යායාම අතරට ඇරොබික් ව්‍යායාම එකතු කරන්න .දවසක් ඇර දවසක් පැයක් විතර ඇරොබික් ව්‍යායාම කලානම් හරි.
ඇඟ බස්සන අයට කොච්චර කැලරි අඩු කරන්න ඔනේද කියන එක එකපාරට කියන්න බෑ. හැබැයි ඇඟ අඩු කරනවා කියලා ඩයට් කරන්න යන්න එපා. අන්තිමට සමහරක් අයට ග්‍රැස්ටික් හැදිල,සමහර අය කලන්තේ දාලා එක විකාරයයි. ලෙඩ ගොඩයි. ඒක නිසා ඩයට් කරද්දි හරියට කරන්න .ඩයට් කරද්දී මේ ටික මතක තියාගන්න .
ඩයට් එක පටන් ගන්න මෙන්න මෙහෙම ..
★.මුලින්ම හොද ජිම් එකක් හොයාගන්න කාඩියො ඇරොබික් ව්‍යායාම කරන්න.
★.ඊලගට සමහර අයට උදේට කිරි එක නැතුව බෑනේ .කිරි වෙනුවට උදේ නැගිට්ට ගමන් කට සෝදලා බඩ පිරෙන්න වතුර බොන්න .
★.උදේට කන්න හොදට ( මුං ඇට ,කවුපි ,මස් මාලු ,බිත්තර වගේ දේවල් ,පිටි ජාති කන එක අඩු කරන්න )
★.දවල්ට කනකොටත් බත් අඩු කරල එළවලු ජාති ,මස් මාලු වැඩියෙන් කන්න ,හැබැයි කාපු ගම්න් බඩපිරෙන්න වතුර බොන්න එපා .කට සෝදල ඉන්න අමාරුමනම් වතුර උගුරු 3 ක් වගේ බොන්න. කාල ඉවර වෙලා පුලුවන්නම් යෝගට් එකක් කන්න .
★.හැන්දෑවට කිරි බොනවනම් ඒක නවත්තන්න .කහට ටිකක් බොන්න.මොක්ද කහට තේ වලට පුලුවන් මානසික ආතතිය අඩු කරන්න .
★.පුලුවන් තරම් තෙල් කෑම පැණිරස කෑම අඩු කරන්න.එහෙම කලා කියලා විශේශ උත්සව අවස්ථාවල් වලදි කෑවට කමක් නෑ .ටිකක් හැබැයි .
★.රෑට පුලුවන් තරම් සැහැල්ලු ආහාරයක් ගන්න. රොටි,බත්,රයිස්,කොත්තු සම්පුර්ණයෙන්ම නවත්තන්න .රෑට නොකා නින්ද යන්න්නෙ නැත්නම් ටික ටික කෑම අඩු කරන්න. රෑට එළවලු පළතුරු බඩපිරෙන්න කෑවට කමක් නෑ .
★.ව්‍යායාම කරද්දී වතුර බොන්න .බඩපිරෙන්න බොන්න එපා බීපුවා වගේම කාපුවත් කටින් එයි .
★. fat burner මොනවහරි කැමතිනම් ගන්න ( ප්‍රෙශර් ,හාට් ප්‍රොබ්ලම්ස් තියනවනම් පාවිච්චි කරන්න එපා )
මෙන්න මේ ටික හරියට කරනවනම් ඇඟ අඩුවෙනවා ශුවර් .හැබැයි කෑමෙන් පරිස්සම් වෙන්න ඕනෙ .





